Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බුකියෙන්
අශ්වයෙක්
අතුරුදහන් වී තිබේ.

සංසාරේ දුවලාම
කකුල් කොටය.
ජීවිතයේ බර ඔසවලාම
කොන්ද කුදුය.
අවසන් වරට ඇඳ හිටියේ
පාරාජයේ වෛරපලුය.

ඔය කියන්නෙ
බුකියේ කම්කරු
අශ්වයා ගැන -
සුමනයා ගැන.

ගේ හදන්ඩ
ණය ඇරගෙන ණය ඇරගෙන
පැරදිලා
මත් යව බීලා බීලා
මුර්ජා වී
මිනිහා මැරුණා
බඩවැල් දියවී
අශ්වයෝ නැති එක් කැලයක.

මිදුලේ
පොල්ගස් දෙක අතරින්
රෑට රෑට
නිදිකිර කිර
කඩමලු හැඳි
තනි තරුවක් බලා හිඳියි
භාගෙට නැගිටපු ගේ දෙස.

ඒ කුමාරි.
සුමනයාගේ ගෑනි.

ඉන්නකොට සුමනේ ලෙඩින්
ඈ හිටියේ බඩින්.
සංසාරෙට අත්ඉදිකටුවෙන්
රේන්ද මහ මහ.

සුමනයා මළ දාම රෑ
ඉපදුණා අශ්ව පැටියා
අශ්වගාලේ.

හීනෙන් ඇවිදින් සුමනේ
කවියක් කීවේය පුතුට.
“මගෙ පුතේ
උඹ කන්ථක වියන්.
කොහොම හරි
නේරංජනාවෙන් එතරට පැනපං.
මං එන්නම්
ණය නැති මිනිහෙක් වී ලබන භවයෙ
උඹ දකින්ඩ
සාසනයට.
එක උගුරක්වත් නොබීම.”

සමිත බී. අටුවබැන්දෑල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails