Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වාඩියට දහ බඹ දෙකක නුදුරින
ගල් පොත්ත යන්තමින් උස් උන
පිටි පතුලක් උනත් පිච්චෙන
තරම් හවසටත් රස්නෙය

එතන ඉදලා පේනවා මුළු යායම
කීප දොහකින් අතෑරපු හේනක
දණ බඩ ගාන ඉපනැල්ලෙ පුසුඹට
ඉර හැරෙනකොටම—තනි අලිය ගෙවදින

මලක් නම් නෙමෙයි ඉර
නටුවෙන් ලිහෙන්නට ළං උන
නිකං ඔහෙ රවුමක්
හැම හවසටම රතු වෙන

එල්ලුනත් දේදුන්න ඉඳ හිට
හිනැහෙන්නෙ— පිණි කැකුළු තණ මත
කාපාලු හාවගේ තිබහට....

හරි සොබහවික චිත්රයක්
කුරුල්ලෝ පුරුවනව හිස්තැන
ගලක හොඬවැල් රූපයක්
ඇහැටු ගහෙ මුල් උඩ

සොබාවික බහු වර්ණ
අන අනා අහස් පින්සල
විඩෙන් විඩ අඳිනවා
හරි අමුතු චිත්තර
මනස් සායම දුකින්—දියවෙනව අහසෙම....

ජිවිතේ හැන්දෑව කැහැපොටේ ගසාගෙන
දෙන්න දෙමහල්ලො තව
වල් උදලු ගානවා
වැහි බිත්තර ඔලට
උළුක් කර කිංඩියට

වාඩියේ මුල්ලක මැටි කලේ දරණෙ යට
බැක බැකය ගෙම්බෙක්ගෙ—පුම්බනව නොතනිකම

ඒනොතනිකමත් තනිකම

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails