Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔයා කතා කරන්නෙ කී මෑන් නැතුව
ඉබ්බො රේස්සෙකක් වගෙ ඈ රැව්වා
වංගියකට අපි දෙන්නා - කතා බහෙදි
අල්ලනසෙල්ලං කරනකොට වගෙ
ඔය ඒකෙත් පද බෙදාපු විදහ වැරදි
තිලකසේනගෙ කෙටි කතාවක් වගෙ
අපි හම්බු වෙන හැමදෑම මටත් එහෙම්මම හිතුනා

බාසාවට අර්ථ නැයිලූ (මම)
එතකොට
දන්නවද ඔයා කේත අහුලන්න ආදරේ? (ඒත් මම්ම) ආයෙමත් (ඈ) රැව්වා
බුදු හාමුරුවො, එෆ්බි එකේ පාන්දරම හිටිය අදත්
අණ්ඩර අරාබියෙන් කොමෙන්ට් කර කර

ඈට නං පිස්සු ඇත්තට - ඇත්තටම මට හිතුනා
අවස්ථා සම්බන්දෙ පේල් නේ ඔයා?
මං කිව්වා, ගැලපීමක් ඇත්තෙම නෑ

එපා කරගැට බිඳින්ඩ මුදු දාන්ඩ බෑ එතකොට
කුඩු පොද වැහි නෝක්කඩුවක් - පොරෝ ගත්තා ඈ
අපි දෙවෙනි ගමන ඉස්සෙල්ල යං මං ඈ ඇහැට එබුනා

අකාරාදිය දන්නැතුව පිලිවෙලක් උන හැකිද?
ලංකාවෙ අද්යාපනේ - අකුරුවරද්දන්නෑ - (හිනා) - ඈ හිනා උනා

වැහි බීරුම බුරාගෙන - අහස් රෙද්දෙන්!
(තරහ එන්නැද්ද මේ වෙලාවට - වැස්ස ආවම?)
වැක් කුරුනා
ඒත් මට නං, ෂෝක් හිතුනා
ක්‍රෝටන් පඳුරක වහපු - (එළියෙ)මල් දෙපෙත්තක් - එකපාට්ට ඉගිල්ලුනා
හීතලද සමනලූන්ටත්? ඈ ඇහැව්වා
සිරී පාදේ යනව වෙන්නැති මට ඉබේ කියවුනා

ව්‍යුහවාදෙන් පෙම් කරනව ද?
ටවුමෙ හදපු ගමේ කඬේ - වහලෙ එල්ලෙන
වඩු කුරුලූ කූඩුවක -(පදිංචිය)- ගේ කිරිල්ලක් - කනට කරලා ඇහුවා

අදත් ඉක්මන්ට හය උනා - ශික් වැස්ස! හෙටත් ඔපිස් අප්පා
ඈ නැගිට්ටා
අදත් නිකම්මම ගෙවුනා - එතකොට - වැස්ස තව පෑව්වේ නෑ

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails