Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නොයෙක් කෙලි කවටකම්වලින් සතුටුව සිංහාසනාරූඨව හුන් රජතුමා පිරිස අමතා කියනුයේ ඔබ හැමදෙනාම හෙට දින එක් එක් කෙනා බොරුව බැගින් කියන්න ඕනෑ.

එයින් විශාලම බොරුව කිව් තැනැත්තාට වටිනා තෑග්ගක් පිරිනමනවා තේරුණා ද? යනුවෙන් පැවසීය. මෙවිට අන්දරේ රාජ සභාවේ නොසිටියෙන් රජ තුමාගෙන් ලැබෙන ත්‍යාගය අන්දරේට නම් ලබාගත නොහැකි වන බව කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබුණු බැවින් තම තමන්ම ත්‍යාගය ලබාගත යුතුයයි සිතමින් රජතුමාගෙන් සමුගෙන නිවෙස් කරා ගොස් එදින රාත්‍රිය නොනිදාම නොයෙක් තරා තිරමේ බොරු ගොතමින් සිට පසු දින රජ මැදුර බලා පිටත් විය.

සිරිත් පරිදි රාජ සභාව රැස්විය. තම තමන් ගොතාගත් බොරු ඔබකරමින් වාරය පැමිණෙන තෙක් සිට රාජ නියෝගය පරිදි බොරු කීම ආරම්භ විය.

අන්දරේද එදින රාජ සභාවේ කොණක හිඳ මේ ගල් පැලෙන බොරු අසමින් තෙමේම සිනාසෙයි.

එහෙත් අන්දරේ නම් බොරුවක් ගොතාගෙන නැත. බොරුවක් කීමට ඔහුට රජතුමාගෙන් ඇරයුමක් නැත. දැන් සියළු දෙනාම බොරු කියා අවසන්ය. අන්දරේ හුනස්නෙන් නැගිට රජතුමාට වැඳ එකත්පස්ව සිට “දේවයන් වහන්ස, මටත් යමක් කීමට අවසරදැ” යි ඇසීය. “ඔව් ඔව් තොපටත් යමක් ඇත්නම් කිවමැන” යි රජතුමා දැන්වීය. අන්දරේද එවේලේම ගොතාගත් බොරුවක් කවියකින් මෙසේ ප්‍රකාශ කෙළේය.

රජකම් කළත් ඉඳගෙන සිහසුනක් මත
ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැළට හිත
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත


මෙය කියා අවසාන වනවාත් සමග මුළු රාජ සභාවම නොසන්සුන් තත්වයකට පෙරළුණි. රජතුමා ඇතුළු තමනුත් ගෙන් රැලක් යයි කීමෙන් අන්දරේ රාජ උදහසට ලක්විය යුතුයයි සියළු දෙනාම යෝජනා කළෝය.

එහෙත් රජතුමා මහ හඬින් සිනාසී අන්න හරි අන්දරේටයි තෑග්ග. මෙතරම් විශාල බොරුවක් කිසිවෙක් නොකීවෙහිය. මගේ රාජ සභාවේ සිටින්නේ ගොන් රැලක් වගද මමද නින්දිත කැත අධමයෙක් යයි කීම ද ඇදහිය නොහැකි බොරුවක්යයි කියා රජතුමා නැගිට යත්ම රාජ පිරිසද අත් පොලසන් දීමෙන් විසිර ගියෝය.

‘අන්දරේ ගේ විහිළු‘, සම්පාදක - පෙතියාගොඩ එච්. ඒ. සයිමන් පෙරේරා; මුද්‍රණය හා ප්‍රකාශනය - ජේ. ඇම්. ඩී. පීරිස්, කැප්ටන් මුද්‍රණාලය, 307/3 පලවෙනි මරදාන, කොළඹ-10 (1964).

[සිංහල ඉලක්ට්‍රොනික් පිටපත- hasitha.lk වෙබ් අඩවියෙනි.]

එච්. ඒ. සයිමන් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails