Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පැලි පැලී නාය ගිය දිවියක
අහස පලාගෙන
විදුලියක් පරිදි දිනයක
නුඹ මුහුණ උදා විණ

හැමදාම කඳුළු වැස්සට
දියබත් වන ගෙපැළක
ඉටු පැතුම පහුර විය පුතුනේ
නුඹේ සිනාවත

රුදු වෘක රිහිරි ඇස් දිලිසෙන
ගැඹුරු කැලෑවක
අප ජාත කළේ ඇයි දෙවියනි
මීමිනි කුලයක

දඩයමට එදඩ බල්ලන්
ආවා නම් එළි පිට
පෙන්වන්න තිබිණි මට
අළු යට පුපුරන මව් කම

නුඹ කිව්වද හෙළු සිරුරට
ගිනි කූර ගසන විට
පළි ගසන බව සදා ලැගගෙන
මගේ දෙතන යට

වනපෙත් - කඳු - මං මාවත්
කනතු ඉවුරුවල
වස් ගණනක් ඇවිදින්නේ
කකියන දුරු දුක

සොහොන් බිමෙන් සොහොන් බිමට
සොය සොයා යමි මම
සිප ගන්නට එක සැරයක්
නළල ගසා වැඳ

පස් ගොඩැලි අතර සොයමි කෙලෙස
නුඹේ මිනී වල
පොඩි මලක් නගා අඟවනු මැන
නුඹ සැතපෙන තැන!

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails