Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දරා පින් බිමක් උර මත
ගෙවු මුත් කල්පයක් මේ බිම
ලංව විමසු කෙනෙක් තව නැත
නුඹට වෙහෙසද කියා වාමන........

සුපින්වත් පා පහස ලැබ
ගෙවී යන සඳකඩ පහණ නුඹ
අතක රැඳි පියුමකින් බිම වට
පිනි බිඳක් වත් ලබන පින නැත...

නොසෙල් වී මුර ගලක් මේ බිම
රකින මුත් දිව රෑ වෙහෙස ගෙන
උනා යන විට උතුරු සළු ටික
පින් බිඳක් දී ගියේ කවුරුද ..

පොහොය සඳ නැති අමාවක දින
ගොසින් මේ පින් බිමට මැදියම
තෙල් බිඳක් ගෙන නිවුණු පහණක
පිරිමදිමි හිස සොයුරු වාමන..

බර දරන ඔහු උර ලිහිල් කර
තබා ගමි බර මගේ උර මත
දුටුවොතින් හෙට රුවක් වාමන
සිනා නොමසෙන් සබඳ නුඹ මට..

විහඟ සත්සර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails