Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුග්ධ විචාරයේ බ්ලේඩ් තලවලින් ගෙල රැකගනිමින් නිහාල් නෙල්සන්, කෂිලි බිෂිලි නැති පට්ට ජෙනුවින් හාෆ් සෙන්චරියක් දමා තිබේ.

මෙලෝ රහක් නැති හිඟන්නන්ට රිං ටෝන් වලින් ලක්ෂ ගණං වස්තු ලැබී ඉස්සර පින පෑදෙද්දී....,
එෆ්. එම්. නාලිකාවල මුදල් ගෙවන පැකේජ මිලට ගත් තාලෙට අත්පුඩියක්වත් ගහන්නට බැරි මෝඩ සල්ලිකාර ශරීර ගායකයන් වී අපේ කනේ අමාරු හදවද්දී.....,
අන්තර්ජාතික තලයට යනවායි කිය කියා ගං කබර පැටවුන් ටකරං උඩ දුව දුවා මොන මොනවාදෝ කරද්දී.....,
ස්ටූඩියෝ අස්සේ බලෙන් වදා අහසට විදින ලද තරු සතියෙන් දෙකෙන් බිමට බෑවෙද්දී....,
නිහාල් නෙල්සන් අවුරුදු වලින් ම පණහක් නොසිඳුණු ජවයෙන් ද නොසිඳුණු තරු ගුණයෙන් ද රහ හඳුනන හදවත් හී ලැගුම් ගත්තේය.

1963 වසරේ මාර්තු මාසයේ මුල්වරට "ලස්සනට පිපුණු වන මල්" ගීතය ගයමින් ප්‍රසංග වේදිකාවට පිවිසුණු නිහාල් නෙල්සන්ගේ සංගීත දිවියේ අඩ ශතක පූර්ණය වෙනුවන් "වසර 50යි. නිහාල් ඇවිත්" ප්‍රසංගය 2013 මාර්තු 15 වන දා සවස 6:00ට කොළඹ මියුසියස් විදුහල් රඟහලේදී පැවැත්වෙයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails