Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උදේ සිට දවසක්ම හිටගෙන,
ඉවසන්නෙ රස්සාව හන්දා
ජීවිතය බස් රියේ වින්දා
මමයි ඔබ හැම බණින කොන්දා

සල්ලි අතැඟිලි අතර රන්දා
මැසිම වම් බාහුවේ බන්දා
දාහෙ, එන සුළඟකින් නිවනට
පා පුවරුවට පෙමින් බැන්දා

රෑ දොළහටයි ගෙදර යන්නේ
ආයෙ හතරට ඇහැ ඇරෙන්නේ
පැදුරෙ ඉඳගෙන, මගේ පොඩිවුන්
නින්දෙදියි හුරතල් කරන්නේ

උදෙයි වැඩිපුර සෙනඟ එන්නේ
තෙරපි තෙරපී පිට රිදෙන්නේ
කියන එක නැතිදෝ ඇහෙන්නේ
ඔතන ඇයි හිරවෙලා ඉන්නේ?

.....................

සෙනඟ අතරින් ඉදිරියට යන
විටදි, එළියකි නෙතේ ගැල්වෙන
බුදු රදුන් නොව එහි දිලෙන්නේ
බල්බ පමණයි වටේ දැල්වෙන

......................

නෝන හිටගත්තේ, බහින්නද?
එහෙම නැත්තං ඉතුරු ගන්නද?
අතේ එක කාසියක් නැතිකොට
රුපියලක් මං කොහෙන් දෙන්නද?

මහත්තය කොටුවටම යනවද?
බහින අය දොර ළඟට එනවද?
කිහිළි කරුවෙන් නැග්ග අයියට
කවුරුහරි ආසනේ දෙනවද?

මේ හරිය පොලිසියේ වංගුව
හිමින් යමු බන්, නැහැ සුනංගුව
ආයෙ පාරක් අහල බලමුද
ජෝතිපාලගෙ හොඳම සිංදුව!

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails