Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වනන්තරයක, අඳුරු කුටියක
හැමෝගෙම මතකයෙන් ගිලිහී
නමක් දන්නැති මලක් විලසින්
ඉන්න ඇති පෙරදිනක තනිවම

කඳුළු මුතු කැට හුයක අමුණන
අහිමි වු පා වැස්ම සොයමින
මලානික පෙති හකුළුවාගත්
සින්ඩරෙල්ලා වීය එදවස

වසන්තය, සිසිරය ද, ඇවිදින්
ගිමන් කල හිම දියවෙනා විට
ගලායන ගං ඉවුර අද්දර
අතරමං සා පැටවියක විය

හිම වැටී තුරු හිස් මුදුන් වල
ඉර නොපායා ඉන්න කාලෙට
සීත උහුලාගන්න නොහැකිව
නින්ද දිගු කළ හිම කුමාරිය

බොඳව යන සුදු වළාකුළු මත
අඳුරු පැහැ සිතුවමක් විලසින
ජීවිතය සිතුවම් කරන්නට
වෙහෙස වූ මුදු සිත්තරාවිය

සුමුදු රැස් මාළා විදාහැර
පැරණි ඉරමල අලුත් හිතකින
අඳුර දුරලන විටදි වනගැබ
දිගු නින්ද හල හිම කුමාරිය

අතින් ගෙන වන ගැබ සරණ සඳ
ලපළු, මල් පල පෙන්වනා කල
දෙතොල් මත ඇඳි සිහින් මදහස
ජිවිතය ගොඩ නගන ඔසුවය

සඳ ළඟින් තරු පායනා රැය
මල් සුවඳ ගෙන වඩින පවනට
පෙම් බඳින්නට ළය පුරාවට
නෙත් අවදි කළ නිදි කුමාරිය

අලුත් අකුරින් අලුත් තැනකින්
අලුත් විදියට ලියවෙමින් යන
අලුත් ජීවිත කතන්දරයක්
කියවන්න හැකි සුරඟනාවිය

[සිතුවම : Daniel Gerhartz]

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails