Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රිසානා සෝයුරී...
වැහි බින්දු එළියෙ වැටෙනව ඇහෙයි
රළු පොළොවෙ පිනි අහුරු ගිනි ගැනෙයි
ඒ ඇයි ද?
නොදන්නෙමි සෝයුරී...
හිතේ දුක කදුළු වගෙ බිම වැටෙයි..

නංගිලා බඩගින්නෙ අඬන හඬ
දරනු බැරි වූවාම විය යුතුයි?
වැහි අහුරු අහස මත හිමි හිමින් වැටෙන හඬ..
මල් පොකුරු පිච්ච වැල් අතර හිඳ එබෙන හඬ..
හිත මත්තෙ හීනයක් ඇන්දෙ නැති කාරණය?
මගේ සෝයුරී එය විය යුතුයි...

මේ කාස්ටක බිමත්-මුත්තූර් අව් රැළත්
එක වගෙයි..
වැහි බිඳුත් දෙතැනම තියෙයි...
බැරි බරක් උහුලන්න...
වැහි බින්දු යටින් නුඹ පියඹන්න හිතු දිනත්
මේ වගෙම තියෙන්නැති?
සෝයුරී එය එහෙම විය යුතුයි...

හැම දෙයම තියෙනවා..
මගෙ හිතට එකම එක අඩුව නුඹ විතරමයි..
සහ උදර නොවූ මගෙ සෝයුරී..
එළියෙ වැහි ඇලි වැටෙන
කඳුළු කලුවර ගලන
ගණ රැයක...
තිගැස්සී හනික ඇහැරී බලමි....
ගෙල දෙසින් වේදනාවක් දැනෙයි....

සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails