Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වර්තමාන කලාකරුවන්ගෙන් ඇතැමෙක් අද දේශපාලන ඇම්බැට්ටයන් වෙලා. මේක ඔබ අනුමත කරනවාද?

නැහැ. කොහෙත්ම අනුමත කරන්නෙ නැහැ. හැබැයි මටත් එවැනි අවස්ථා ඕනතරම් ලැබුණා. මම අවස්ථාවාදියෙක් නම්, මටත් අද ලොකු තනතුරක් ලැබිලා. ඒත් මේ අතර ප්‍රධාන පෙළේ කලාකරුවන් සිටීමයි අපිට තියන කණගාටුව. ඒක ඒගොල්ලන්ගෙ කැමැත්ත. මේකෙන් අපිට පේන්නෙ ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නැති බවයි. අනික කලාවට සේවය කරන්න තනතුරු ගන්න පුද්ගලයින්, අද මොනවද කලාවට කරලා තියෙන්නේ?

රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතන්නේ?

ඒ ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. මොකද රියැලිටි වැඩසටහන්වලදි තරුණ තරුණියන්ව බොහොම නරක විදිහට පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම ගම්බද ළමයින් මේ නිසා බරපතල ලෙස විනාශ වෙනවා. ඒ නිසා මම මේ තරග විනිශ්චය කරන්නවත් කැමති නැහැ. ඒත් මට විනිශ්චය පුටුවට එන්න කියලා අනන්තවත් ආරාධනා ලැබී තියනවා. ඒත් මම යන්නෙ වැඩමුළුවලට කතා කළොත් පමණයි. මොකද මේ ළමයි තරගවල ඉන්න කාලය අතරතුර කළ යුත්තේ විධිමත් පුහුණුවක් ලබාදීමයි. නැතුව රූපවාහිනියට පේන්න මේකප් දාලා අන්දලා ගත්තා කියලා සංගීත ක්ෂේත්‍රයට වෙන සෙතක් නැහැ. අනික තරග වලින් සංගීත ක්ෂේත්‍රයට පිවිසීම නිසා ඒ ළමයි වර්ගීකරණයකට ලක් වෙනවා.



මොකද හැමෝම ඔවුන් දිහා බලන්නේ තරගාවලි මානසිකත්වයකින්. ඒ නිසා ඔවුන් තරගවලින් පැමිණි ශිල්පියෙකු හැටියට ඉබේම ලේබල් වෙනවා. තරගයෙන් පසුව ඔවුන් මංමුළා වෙනවා. මොකද තමන් කොතැනද සිටිය යුත්තේ කියලවත් ඔවුන්ට මගපෙන්වීමක් ලැබෙන්නෙ නැහැ. විශේෂයෙන්ම අවුරුද්දක් පමණ කාලයක් තමන්ව රඳවාගෙන සිටි රූපවාහිනී නාලිකා, තරගයෙන් පස්සෙ ඔවුන්ව අතහරිනවා. එතකොට ඔවුන් අසරණ වෙනවා.....

ලංකාවෙ මිනිසුන්ගේ රස වින්දනය සම්බන්ධයෙන්....

......ලංකාවෙ මිනිසුන්ගේ රසාස්වාදය සම්බන්ධයෙන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම කණගාටුවක් නැහැ. මොකද මගේ ගීත රසවිඳින, මගේ සංගීත ශෛලිය අනුමත කරන රසික පිරිසක් මට ඉන්නවා. ඔවුන් සොයන්නෙ වෙනසක්. ඔවුන් සොයන්නෙ සරල සංගීතයෙන් ඔබ්බට ගිය රසයක්.....



(කසුන් කල්හාර සමග මාලන් විදානපතිරණ 'අද' පුවත්පත වෙනුවෙන් කළ කතා බහෙන් උද්ධෘත කිහිපයකි. උපුටනය- අද- 2013.03.13 | ඡායාරූප උපුටනය- රවිඳු හංවැල්ලගෙන්.)

මාලන් විදානපතිරණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails