Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හඳුනගත් ගොඩක් කලකට පස්සෙ
තනි කමක් ළඟදි අපි
තනිවෙච්ච වෙලාවක
ඔබට දුන්...
ඔබෙන් මා වෙත ලැබුන...

වෙන් නොවූවද
කල්ප කාලෙකට,
දුරස් වෙන මොහොතකදි
මතක් වෙන්නට තිබුන...

ඒ අලුත් දවස් වල
ගෙයින් පිටවන මොහොතෙ
තකහනියෙ දුව ඇවිත්
තියා ගන්නට දුන්න...

අහිංසක පැටියන්ගෙ
ඇස්වලට වැලි ගසා
නොකැමැත්තෙ- කැමැත්තට
කැමැත්තෙන් ඉඩ දුන්න...

කනප්පුව මත
තේ පීරිසිය ඇල්මැරුණ
හොයයි උණුහුම,
ටික කලක සිට මග හැරුණ...

ලද මහන්සිය හිතකට නොගෙන,
පිරිමදින- බත් බඳින
රෙදි දොවන- හති අරින..
පිටව ගොස් සියල්ලන්
විත් ඉදිරි දොර වසන...

හීනෙකින් වත් මොකොට
නොමනාප-
ඒ දවස් වියපතට සින්න වුන...

[සිතුවම: Guayasamin]

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails