Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තරණය කළෙමි
ඉරිතැලුණ පියගැට පෙළ
වියළි පෙළෝ මත මිදුලේ
වල් වැල් නිරෝගී සුවෙනි

දූලි පලස්ය ගෙබිමෙහි
මද සුළඟට සැලෙන
යටි පියසෙහි ළඹ
මකුළු කැදලි හා හාද

රිදුණු ළයකින්
නැගෙන
කැස්සකි ඇතුළු ගැබ
ඇසෙන...

"ඒ අම්මාය....."

සිත දුවයි ඈතට
මැවෙයි තිරයක වැනිව
දසුනෙහි විලෝමය

උයනෙකි
කුසුමන් ගැවැසි
ගෙබිමකි
කැඩපත සදිසි
බිතුය
සීත සුව පහසැති
පියස යට
කිරිල්ලකි තුටු ගී ගයන

"ඒ අම්මාය....."

[සිතුවම : Pablo Picasso]

විකුම් ජිතේන්ද්‍ර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails