Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



" දෙවොල් බෙරය විටෙක රුදුරුය, තවත් විටෙක වේදනාවෙන් ගැහෙන හදක් මෙන් සෝබරය."
'අයාලේ ගිය සිතක සටහන්' - තිස්ස අබේසේකර.

වැසි වැටී
බොර වතුර සුළි නග නගා
පා තෙමන විට
ඉඩ දෙයි කුඩා කඩ පිල
මට සහ කුඩා දුම් උගුරකට
කුඩ, කුඩ, කුඩ…
පිලිවෙලක් නෑ දෙපසට….

ඇස පියූ විට
ඇසෙන්නේ දුරින් ඒ බෙර හඬ
උරිනුර ගැටී, තරු යට
එක්ව අත් අල්ලා අප ඇසූ

අතින් ගෙන පොල් මල
නටමි......
තබමි අඩි බෙර පදට
නගා හිස, සලා කෙස්
බලමි ඔබ දෙස...
නැත ඔබ,
කුඩ, කුඩ, කුඩ…
නන්නාඳුනන මුහුණුය
පියා දෑසම
නටමි
බදා දෝතින් පොල් මල
ගසා ගමි හිසට, පපුවට
රිදෙන සේ පිට දෙපසට
නටමි....

නිවී ගිය පසු දුම
පා කරමි ෆිල්ටරය
සුළි නගන, පා තෙමන බොර වතුරෙහි

ඉසුරු චාමර සෝමවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails