Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෑත කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වුණු පාර්ශවයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙමළ ජනයා තම පක්ෂය වටා ගොනුකරගැනීමට නොයෙකුත් අන්දමේ උපාය උපක්‍රම වල නිරත වෙමින් සිටී. ඒ රාජපක්ෂ ආණ්ඩුවේ හමුදා විසින් දෙමළ ජනයාගේ විමුක්ති අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි අද පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙහෙයවන නායක නායිකාවන්ද රාජපක්ෂ ආණ්ඩුවේ යුධ ක්‍රියාවලියට දායක වුවන්ය.

දෙමළ ජනයාට පමණක් නොව ජාතික ගැටලුව පිලිබදව යම් හෝ සාධනීය මතයක් දැරූ, එමෙන්ම ජනඝාතක යුද්ධයට එරෙහිව යුධ විරෝධී ඉවුරේ සිටි සියලු ප්‍රගතිශීලී කොටස් වලට මරණ වරෙන්තු ලිවීමට අද පෙරටුගාමී සමාජවාදියෝ ද ඉහලින්ම දායක විය. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙනස්ව නිවැරදි දේශපාලන ගමනක් ආරම්භ කල බව කීවද පෙරටුගාමී සමාජවාදීන් වෙනත් සළුපිලි පොරවාගෙන ගමන් කරනුයේ සුපුරුදු මාවත ඔස්සේය.

දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට දත කෑ අප ශ්‍රී ලාංකිකයෝ සංවිධානයට වඩාත් දේශපාලනික මුහුණුවරක් එක් කරමින් සම අයිතිය නමින් එවැනිම ව්‍යාපෘතියක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන සංවිධානයක් ලෙසිනි. සියලු ජාතිවාදයන් පිටු දැකීම මෙහි මූලික අරමුණ බව සම අයිතියේ හිමිකරුවන් වූ පෙරටුගාමී සමාජවාදියෝ පවසති .

එම පක්ෂයේ නායක ප්‍රේම කුමාර් ගුණරත්නම් ගේ ප්‍රධානත්වයෙන් සම අයිතිය ව්‍යාපාරයේ ශාඛාවක් පැරිසියේදී පිහිටවනු ලැබිණි. ඔහුගේ විශේෂ දේශනයෙන් පසු සභාවෙන් මතු වූ ප්‍රශ්න වලින් පෙරටුගාමී සමාජවාදීන්ගේ බොහෝ දේශපාලනමය කාරණා හෙළිදරව් විය. මීට පෙර වතාවකදී ප්‍රේම කුමාර් ගුණරත්නම් විසින් හතරවන ජාත්‍යන්තරය මගින් පලකරන ප්‍රකාශනයක් වන "ලින්ක්" සඟරාවට සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින් කියා සිටියේ තම පක්ෂය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිනොගන්නා බවය. එම අදහස සිය පැරිස් දේශනයේදී කිහිපවතාවක්ම සදහන් කිරීමට කුමාර් ගුණරත්නම් අමතක කලේ නැත. එමෙන්ම දෙමළ ජනයා වෙනත් ජාතියක් ලෙස තමන් පිළිනොගන්නා බවද ගුණරත්නම් කියා සිටියේය.

1984 දී භූතානයේ තිම්පු නුවරදී සම්මත කරගන්නා ලද තිම්පු මුලධර්ම වන දෙමල ජනයා වෙනම ජාතියක් ලෙස සැලකීම, දෙමල ජනයාගේ ස්වයං තීරණ අයිතිය පිළිගැනීම සහ උතුරු නැගෙනහිර පළාත් දෙමල ජනයාගේ පාරම්පරික වාසභූමි ලෙස සැලකීම, මෙම සම අයිතිය ව්‍යාපාරය විසින් පිළිනොගන්නා බව ඔහු ඉතාමත් සටකපට ලෙසින් පැවසිය. උතුරු නැගෙනහිර පළාත් වලට වඩා දෙමල ජනතාව ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වාසය කරන බව මොහුගේ අදහස විය. මීට කදිම පිළිතුරක් ගුණරත්නම් හට ලැබුනේ "ටි.ආර්.ටී. තමිල් ඔලී" ගුවන් විදුලියේ නියෝජිත පිරිසක් සමග පැවතී සාකච්චා වේදිය. ඔවුන් ගුණරත්නම්ව ප්‍රශ්නකර සිටියේ ශ්‍රි ලංකාවේ දකුණු පළාත් වල දෙමල ජනතාව බහුතරයක් ජීවත් වන බවට නිශ්චිතව ප්‍රකාශ කල හැක්කේ කෙසේද යන්නයි. මෙය ආණ්ඩුවේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කරන ලද සමීක්ෂණයක් මගින්ද? මෙම තොරතුරු ලබාගත් මුලාශ්‍රය කුමක්ද? යන්නයි. පසුගිය වසර තිහ තිස්සේ උතුරු නැගෙනහිර සිය වස භුමි හැර දමා දකුණට සංක්‍රමණය වුයේ කිනම් පසුබිමක් යටතේ ද යන්න විමර්ශනයට ලක් කල යුතු බව පැවසු එම ගුවන් විදුලි නියෝජිතයන් ඔහුට පෙන්නා දුන් අතර ඊට නිසි පිළිතුරක් නොදුන් ගුණරත්නම් තමන්ට වෙනත් රැස්වීමකට යාමට ඇතිබව පවසා පිටත්ව ගොස් ඇත .

දෙමළ සමාජයේ වාමාංශික, ලිබරල්,ජාතිකවාදී, සම්ප්‍රදායික ඇතුළු සියලු පාර්ශවයන් තිම්පු නුවරට රැස්වී දෙමල සමාජය වෙනුවෙන් තීන්දු කිහිපයකට එළබිණි. ඒ, දෙමල ජනතාව වෙනම ජාතියක් ලෙස සැලකීම, දෙමල ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගැනීම සහ උතුරු නැගෙනහිර පළාත් දෙමල ජනයාගේ සම්ප්‍රදායික වාසභූමි ලෙස පිළිගැනීම (එයින් ඔවුන් අදහස් කරනු ලැබුයේ වෙනත් ජාතීන්ට එම පලාත් වල ජීවත් විය නොහැකි බව නොවේ.) ලෙසින්ය. කුමාර් ගුණරත්නම් මෙකී මුලධර්මයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග පැරිස් රැස්වීමේදී මතුවූයේ නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි දෙමල ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නා පක්ෂ සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම සම අයිතිය ව්‍යාපාරය එක්ව කටයුතු නොකරන්නේ කිනම් හේතුවක් නිසාවෙන්ද යන්නයි.


Image- lankaviews.com/

දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගත්තද නොගත්තද සම අයිතිය ව්‍යාපාරය තුල ඕනෑම අයෙකුට එක්ව කටයුතු කල හැකි බව පවසමින්ම කුමාර් ගුණරත්නම් නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු 1994 සිට තමන් ඉතා හොදින් දන්නා බවය . එක් අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණ සමග මැතිවරණයකට ඉදිරිපත් වීමටද බාහු එකගවී ඇත. ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔහු දරන ස්ථාවරය හා ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පරස්පර වීම නිසා ගැටළු මතුවිය හැකි බව තමන් ඔහුට පෙන්වා දුන් විට වික්‍රමබාහු කියා සිටියේ ජාතික ප්‍රශ්නය ගැන කතා නොකර ජන්දයට ඉදිරිපත් විය හැකි බවයි. ඒ අනුව වික්‍රමබාහු, සිරිතුංග ලා දෙමල ජනයාගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගන්නේ දෙමල ජන්ද වලින් පාර්ලිමේන්තුවට හෝ නගර සභාවකට තේරීපත් වීමට බව කුමාර් ගුණරත්නම් කියා සිටියේය.

කුමාර්ලා ජනතා විමුක්ති පෙරමුණෙන් බෙදී වෙන්වනවිට ලංකාවේ සියලු වාමාංශික පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට සහය පල කරමින් ඔවුන් සමග එක්ව කටයුතු කළේය. එහෙත් පසුව ඔවුන් කුමාර් ලාගේ දෑත් අත් හරියේ ජාතික ප්‍රශ්නය ගැන කුමාර්ලා දරන ජාතිවාදී ස්ථාවරය ටිකෙන් ටික හෙළිදරව් වීමත් සමගය. මෙසේ සහය පල කලවූවන් අතර මාඕවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සෙන්දිවේල් පාර්ශවයද විය.ඔවුන් සමග කටයුතු කරමින් සිට මහජන විප්ලවය හැරදමා යුරෝපයට පැමිණි කිහිප දෙනෙක් පමණක් අද වන විට කුමාර්ලාගේ සම අයිතිය ව්‍යාපෘතියට එක්ව සිටි. යුරෝපයේ වෙසෙන දෙමල ජනයා අතර පදනමක් නොමැති මෙම පුද්ගලයන්ගේ දේශපාලන ස්ථාවරයන් පිලිබඳ පවතිනුයේ ව්‍යාකූල බවකි. මොනයම් හෝ දේශපාලනය යයි ඔවුන් සිතන කටයුත්තක දායකව සැදෑ සමය යුරෝපයේදීම ගෙවා දැමීමේ අපේක්ෂාවෙන් පසුවන, වාමාංශික යැයි ස්වයංව හදුන්වාගන්නා මොවුන්ට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ද වාමාංශිකය. ප්‍රංශයේ හිටපු තානාපති දයාන් ජයතිලක, ඇමති වාසුදේව නානායක්කාර ද වාමාංශිකයන්ය .

දෙමල සමාජයේ පවතින කුල පීඩනය සිංහල සමාජයේ සහයෝගයෙන් ජය ගැනීමට මෙකි වම්මු අපේක්ෂා කරති. කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදීන්ගේ අතීත දේශපාලන ස්ථාවරයන් හා ක්‍රියාකාරිත්වයන් ප්‍රශ්න කරනු ලැබූ “ග්ලෝබල් තමිල් නිවුස්” වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් මෙකී වම්මුන්ට අනුව ඔහු කොටියෙකි. කොටි සංවිධානයේ අවශ්‍යතා අනුව ලියන්නෙකි. මේ අතර දෙමල ජනයාට සිදුවන අසාධාරණයන් ගැන තමන් කටයුතු කරද්දී රාජපක්ෂ ආණ්ඩුව කොටි ලේබලය අලවමින් සිටින බව අනෙක් පැත්තෙන් කුමාර් ප්‍රසිද්ධියේ මැසිවිලි නගයි.

උතුරු නැගෙනහිර පළාත්වල මිලිටරි කරණය, පුද්ගල අතුරුදන් කිරීම්, දෙමල දේශපාලන සිරකරුවන් ආදී අද දවසේ දෙමල ජනයා මුහුන දෙන ගැටළු ගැන යම් සඳහනක් කලද එවැනි තත්වයක් ඇති කිරීමට තමන්ගේ දායකත්වය පිලිබඳ සඳහන් නොකිරීමට කුමාර් අරපරිස්සම් විය. සියලු චෝදනාවන් එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණු ගිණුමටය. කිසිසේත්ම කුමාර් ලා ට තම දෑත් වල තැවරී ඇති දෙමල ජනයාගේ හා ප්‍රගතිශීලී සිංහල ජනයාගේ ලේ පැල්ලම් සෝදා හරිය නොහැක.

එ මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගනු ලැබූ සෑම තීන්දුවක් සම්බන්ධයෙන්ම කුමාර් ගුණරත්නම් ලාද වගකිව යුතු බැවිනි.

එවකට ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ නිකම්ම නිකම් සාමාජිකයන් නොවූ අතර තීන්දු තීරණ ගන්නා නායකයන් විය. සෝමවංශ අමරසිංහ ආසන්නයෙන්ම නායකත්ව බලයක් කුමාර් ගුනරත්නම්ට ජනතා විමුක්ති පෙරමුණ තුල තිබුණු බව රහසක් නොවේ . එපමණක් නොව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංවිධාන තුල අණසක පතුරුවා තිබුනේ ද කුමාර් විසිනි. 1990 දශකයේ මැද භාගය වන විට ශ්‍රිලංකාවේ සරසවිය තුල ජාතික චින්තනය, ජනතා මිතුරෝ වැනි බලවේගවල ජාතිවාදී මතවාදය පරාජය කරනු ලැබුයේ දෙමල ජනයාගේ ගැටලුවට සාධාරණ විසදුමක් අවශ්‍ය යැයි සිතූ සිසු බලවේගයන්ගේ ද සහයෝගයෙනි . ඒ සඳහා දෙමල සිසුන්ගේ ද සහාය ලැබිණි. 89 විනාසයෙන් පසුව ජ.වී.පෙ. සිසු බල බලවේගය ද ජාතික චින්තන ජාති වාදීන් පරාජය කිරීමට එක්වුයේ මෙම ප්‍රගතිශීලී සිසුන් සමග එක්වය. එහෙත් "බොරු යුද්ධය එපා" යැයි කියමින් ජ.වී.පෙ. සිසු සංගම් යලි ජාතිවාදී මාවත වෙත ගෙනයනු ලැබුයේ කුමාර් ගුණරත්නම්ලා විසිනි. ඒ පිළිබඳව එම වකවානුවේ විශ්ව විද්‍යාල තුල ක්‍රියාකාරී වූ ඕනෑම සිසු ක්‍රියාකාරීයකුගෙන් දැනගත හැකිය.

2010 ජනතා විමුක්ති පෙරමුණු සම්මේලනයෙන් පත් කරගත් හා ප්‍රසිද්ධියට පත් කල හා නොකළ දේශපාලන මණ්ඩල සාමාජිකයන් 13 දෙනා අතරින් හත් දෙනෙක්ම අද නියෝජනය කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.

සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, අනුර කුමාර දිසානායක, සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත, පුබුදු ජාගොඩ(පෙරටුගාමී), දිමුතු ආටිගල(පෙරටුගාමී), ජී .කුලරත්න(පෙරටුගාමී) ප්‍රසිද්ධියට පත්කළ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ය. රහසිගත දේශපාලන මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙකි. ප්‍රේමකුමාර් ගුණරත්නම්, සේනාදීර ගුණතිලක නොහොත් කෑගල්ලේ අජිත්, මාලන් නොහොත් විජේසිරි සහ අශෝක මොවුන් අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්ය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ප්‍රසිද්ධියට පත්කළ හා නොකළ සාමාජිකයන් 23 දෙනාගෙන් 11 දෙනෙක්ම පෙරටුගාමී නායකයන්ය. සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, නිහාල් ගලප්පත්ති, එස් .කේ .සුභසිංහ (පෙරටුගාමී), දිමුතු ආටිගල (පෙරටුගාමී ), රාමලිංගම් චන්ද්‍රසේකරන්, ලක්ෂමන් නිපුනආරච්චි, දුමින්ද නාගමුව (පෙරටුගාමී), බිමල් රත්නායක, චමීර කොස්වත්ත (පෙරටුගාමී), මහින්ද ජයසිංහ, අජිත් කුමාර (පෙරටුගාමී ), නලින්ද ජයතිස්ස, වරුණ දීප්ති රාජපක්ෂ (පෙරටුගාමී), සුනිල් හදුන්නෙත්ති, සමන්ත විද්‍යාරත්න, කේ. ඩී. ලාල්කාන්ත, ජී.කුලරත්න (පෙරටුගාමී), විජිත හේරත්, අනුර කුමාර දිසානායක, දිමුතු අබේකෝන් (පෙරටුගාමී), පුබුදු ජාගොඩ (පෙරටුගාමී), ජිනදාස කිතුලේගොඩ ප්‍රසිද්ධියට පත්කළ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ය. රහසිගත මධ්‍යම කාරක සභා සාමාජිකයන් වුයේද ඉහත කි සිව් දෙනාමය. රහසිගත නායකයන් වූ බැවින් පක්ෂ සංවිධාන අභ්‍යන්තරයේ හැර ඔවුන් ප්‍රසිද්ධියේ කල කි දේ වාර්තා වී නොමැති තරමය. එබැවින් දැන් එළිපිට පෙනීසිටමින් කෙටි කලකට හෝ නව දේශපාලන නායකයන්, ජනතාවගේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටීමේ හැකියාව ලැබී තිබේ.


Image- lankaviews.com/

ජනතා විමුක්ති පෙරමුණ ධනපති ආණ්ඩු සමග සන්ධාන ගත වූ බවත් එය මාක්ස්වාදය අත්හැර ජාතිවාදය හා යුධ වාදය කරා තල්ලු වූ බව කුමාර් ඇතුළු සියලු පෙරටුගාමින්ගේ විවේචනයයි. ඊට එරෙහිව ඔවුන් පුරා වසර හයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ අරගල කල බව පවසයි.

පෙරටුගාමී සමාජවාදීන් ප්‍රකාශයට පත් ස්වයං විවේචනයේ මේ පිළිබඳව සඳහන් කර ඇති බව කුමාර් ගුණරත්නම් පමණක් නොව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඕනෑම සාමාජිකයෙකු පවසන කාරණයකි. එහෙත් ඔවුන් මේ කිසිවක් ලිඛිත සාක්ෂි මගින් ඔප්පු කර පෙන්වා නොමැත. ජනතා විමුක්ති පෙරමුණින් බිදීගිය විමල් වීරවංශ පාර්ශවය සිය ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතිය තුලින් සභාගයට, ජාතිවාදයට, මෙන්ම යුදවාදයට පක්ෂය ගෙනයාමට ඔවුන් ක්‍රියා කල අන්දම හුවමාරු කරගත් අභ්‍යන්තර ලිපි, වාර්තා වැනි ලිඛිත ලේඛන මගින් පෙන්වාදී ඇත. කුමාර් ලාගේ එවැනි දෙයක් නොමැත.

මානව හිමිකම් උල්ලංඝණයන්, යුධ අපරාධ වැනි දේවල් වලට ඔවුන් විරුද්ධ වුවද, ඒ පිළිබඳව ගැටලුව ඇත්තේ අද වන විට මේවා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාවිච්චි කරන කාරණා බවට පත්ව තිබීමය. එමෙන්ම දෙමල ජනයාගේ ගැටලුවලට අධිරාජ්‍යවාදීන්ගෙන් විසඳුම් ලබාගත නොහැකි බවද කුමාර් ගුණරත්නම් මෙහිදී අවධාරණය කළේ 1971 සිටම යුධ අපරාධ සිදුවන බවයි. ශ්‍රි ලංකාවේ ආණ්ඩු, ජනතා විමුක්ති පෙරමුණ සහ කොටි සංවිධානය ද ඒවා සිදු කල බව පවසමින් යුධ අපරාධ සාමාන්‍යකරණය කිරීමටද ඔහු අමතක නොකළේය.

යුද්ධයෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වූ විරසකයත්, විමල් වීරවංශගේ හෙළිදරව්වත්, ජ.වී.පෙ.න් බිදිමත් හේතුවෙන් ශ්‍රීලංකාවේ දී අනාරක්ෂිත වුනු කුමාර් ගේ ජීවිතය ඔය කියන අධිරාජ්‍යවාදී සංවිධාන වල මැදිහත් වීමෙන් රැකගනු ලැබුණි. ඒගැන කුමාර් නොදන්නවානම් ඔහුගේ බිරිද චම්පා සෝමරත්න ගුණරත්නම් ගෙන් අසා දැනගැනීමට හැකිය. තමන්ගේ මානව හිමිකම් කඩවුනු විට ඕනෙම කෙනෙක් ලඟට යාහැකි වුවද අනුන්ගේ මානව හිමිකම් උල්ලංඝනයකදී එසේ කිරීම ඔවුන්ගේ දේශපාලන සදාචාරයට අගුණය.

අනෙක් පැත්තෙන් අධිරාජ්‍යවාදීන් සමග එක්ව දෙමල ජනයාගේ අරගලය මිනී කඳු ගොඩගසමින් මර්දනය කරනු ලැබුයේ කුමාර් ලා විසිනි . ඔවුන් අද දෙමළ ජනයාට පවසන්නේ මානව හිමිකම්, යුධ අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන්නට ඔවුන් සමග එක් වන ලෙස යි. එය අලුගෝසුවන්ගෙන් යුක්තිය පතනවා වැනි වැඩකි.

පැරිස් ටුඩේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails