Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"හීත්ක්ලිෆ් මහත්තයගෙ වලව්වෙ නම "වදරින් හයිට්ස්". "වදරින්" කියන්නෙ බොහොම විශේෂ ඉංග්‍රීසි වචනයක්! ඒක, මේ කඳුකරේ දැඩි කුණාටු සහිත වෙලාවට පවතින මාරුතමය කැළඹීම විස්තර කරන පළාත්බද විශේෂණ පදයක්. වත්තෙ උස 'ෆර්' ගස් කීපය මේ පැත්තට නැවිල තියෙන හැටියෙන් හිතාගන්න පුළුවන්, උතුරු හුළඟ කොයිතරම් තදින් හමා වැටෙනවද කියල. ගොඩනැගිල්ල හදල තිබුනෙ හුළඟට ඔරොත්තු දෙන විදියට පුංචි ජනේල ඝන බිත්තිවලට ඔබ්බල..." (Wuthering heights)

දිනිඳු මිය ගොසිනි, අඳුරයි නැගෙන්නේ දෙනෙත මානෙට
සිනිඳු පිනි මිදුණි, මිටි තණ පඳුරු අත නොහැර සීතෙට
අනවරත වද දිදී දුර ඈත යන කුරුළු රෑනට
කඳුකරය සිසාරා හමායන්නේ සුළඟ, ඉවසිල්ලක්ම නැති ගානට

නිවසකිය, පැරණි 'ෆර්' ගස අසල, දොර කවුළු වැසී ගිය
කුටියකිය, සැලෙන සෙවනැලි අඳියි, පහණ, තිර දැවී ගිය
මිනිසෙකිය, තිගැස්සී කවුළු දොර දෙසට මුව හැරී ගිය
සුදු සිහින් රුවකි, මොහොතක් පෙනී, මිහිදුමේ ගිලී ගිය...

ආලයේ පහර කා නෙත අගින් උණන කදුළැලි සමග,
අත රැඳුණු මධු බඳුන අතහැරී දසත විසිරුණි මතක.
වෙලී පැටලී තිබූ අත ඇඟිලි අත හැරී පෙර කලෙක,
මිහිදුමේ සැඟව ගිය සොඳුරු මිතුරිය නැවත පැමිණ ඇත

පයින් පාගා දැමූ ලෙස ගෙවූ අඳුරුතම තුරුණු විය
ඇය පමණි සැනසුමට, කටුක විය, ඇයද හැර ගිය පසුව
එයින් පසු බැණවැදුම්, පළිගැනුම්, තුරුළු කොට ගොඩ නැගුව
ඔහු දිවිය සොයා මෙන්, මිය ගියද, ඇය නැවත පැමිණ ඇත
....................................................

සොඳුරුතම දිවියකට මඟකියන පහණ ප්‍රේමය වුවද,
මඟහැරුණු ජීවිතය යලි දෙන්න ප්‍රේමයට පමණක් නොහැක
ඒ නමුදු, මතු දිනෙක කඳු මතින් යනෙන වුන් දකිනු ඇත
ඔහුගෙ ලෙය ඇයගෙ ලෙය සමඟ මේ බිමෙහි පියනගන බව...

....................................................
දිනිඳු මිය ගොසිනි, අඳුරයි නැගෙන්නේ දෙනෙත මානෙට
සිනිඳු පිනි මිදුණි, මිටි තණ පඳුරු අත නොහැර සීතෙට
අනවරත වධ දිදී දුර ඈත යන කුරුළු රෑනට
කඳුකරය සිසාරා හමායන්නේ සුළඟ, ඉවසිල්ලක්ම නැති ගානට..

[*1998 දී Wuthering heights නවකතාව චිත්‍රාල් අමරතුංග විසින් දුර්ගාන්තය ලෙස ටෙලි සිත්තමකට නගන ලදි. ]

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails