Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



භ්‍රමණය, පරිභ‍්‍රමණය පවා පෘථිවියේ
නතරව තිබු බැවින් හදිසියේ
සදාකාලික සැඳෑ කාලෙක
නතර වූවා අපේ දේශය

සිතිජයේ
හිරු පලූවකුත් ගිලී දිලිසුන
අඳුර සහ එළිය අතර මැද
සදා සැන්ඳෑ යාමයක් පැතිරිණ

මොහොතවල් රැසක එකතුවක් කියා ජීවිතය
ඊයේ - අද - හෙට
කාලයේ මිනුම් දඬු බොහොමයක් ගොළු විය
(ඔබට
තෑගි දෙන්නට ගත්ත
අත් ඔරලෝසුව පවා
නොදී සඟවා ගන්න මට සිදුවිය)

ඉදිරියට
කාලය කියා කිසිවක්
අවකාශයෙහි නොපැවතිණ

එනිසාම
ආදරය කරන්නට අපට
බොහෝ කාලයක් ඉතිරි විණ

උද්‍යාන බංකුවක
වෙරළක ඉමක
ප්‍රේමය
ප්‍රේමය ලෙසින් අපට හමු විය

හෙටක් ගැන කතා බහ
අතීතයෙ වැළලිණ

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails