Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සියැත්තෑවෙකු පැමිණ
පළමු හාදුව තබා
මහ රත් මලක තොලක්
සෙමෙන් උණුහුම් කරයි

එළිමහන නපුරු යැයි
තරවටු කතා කියා
ළපටි පොව්වෙකු රැගෙන
සා මවක් වන වදී

සීතලෙන් වෙව්ලනා
නෙල්ලු තුරු ළදරුවෙකු
වලාකුළු මවක විත්
සෙමෙන් තුරුලට ගනියි
තුටු කඳුළු සේ මිදී
රූරනා දිය බිඳිති
නව ළපටි දියත්තක
උපත සටහන් කරයි

කඳු වළලු දාරයෙන්
එබී හිරු හෙමි හෙමින්
වන ගුල්ම යුවතියක
වෙත ඇසක් ඉඟි මරයි
පැසෙන් ගෙන දම් පෑය
බිනර කොපුලතක් මත
කුරුටු කවියක් ලියා
ඇයට ප්‍රේමය පුදයි

පහළ දුර තැනි බිමක
පලා පෑ සිත්තමට
ගිනි තබන රුදු හිරුත්
නිවෙන තැන මේ බිමයි

වලා වන පෙතක් යනු
දුර ඈත දුක දකින
ලොවට ආලය මවන
මවකගේ හදවතයි....

Image- රංජන් රත්නායකගේ panoramio එකතුවෙන්.

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails