Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සඳට පා පහර දී
එළවා
අමාවක රාත්‍රිය
මුව අයාගෙන
පාත්වෙයි

කොත ගසා
කුණුහරුප බෙදාගත්
පිඟානක්
ඉගිල ගොස්
බිත්තියට හාදු දී
ළය පැලී මිය ඇදෙයි

නෙතු පියන්
දියවෙවී වැගිරෙයි
සා පැටවු ගැහි ගැහී
මුළු වදිත්
මේස පුටු
දොර ජනෙල්
බියපත්ව
ගල් ගැසෙයි

සතුටින් නට නටා
ගිනි දළුවෙන්ම
ගිනි නිවා ලූ ලිය
නිහඬවම නිදි ගනියි
බියකරුයි- වියරුයි
දරාගත නොහැකි තරමයි
සහනෙකට ඇත්තේ
හැමදාම අමාවක
නේන එක විතරමයි

[සිතුවම : Pier Toffoletti]

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails