Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



" ගස් කපනවා, තැඹිළි බානවා"
සමාවුව මැනවි මට
කපනවා තමයි ගස්
කපන්නට බැරි නිසා
බොරුවටම සිඹින අත්

ජීවිතය ගසක්ලු
පරණ පත් නිති හැලෙන
නවමු පත් සෙමෙන් දළු දාන
මල් පිපෙන
අතු පුරා ගෙඩි සැදෙන

මම පුංචි පැළයක්ව
පැළවුණා තමයි
මේ පොළොව පිට
මුදුන් මුල සොරු අරන් ගිය දිනය
ලියූ පිටුවත් අතුරුදන්ව ඇත

වසන්තය ඇවිත් ගිය බව කියා
කවුරු හෝ ඇවිත් කියලා ගියා
මල්පිපුණු, ගෙඩි සැදුණු
ගස් කපන්නට වුනා දුක කියා

වෘක්ෂ දේවතාවුන් වැඩ වසන
ගස් කොහිද තවම මට හමු නොවුණ
රත්තරන් පොරවකින් අතු සිඳින
දිනය තවමත් දුරයි මට හිතෙන

ගස් කපනවා - තැඹිළි බානවා
කඹය නෙක පැහැ ගැන්ව පේනවා
රතුපාට, නිල්පාට, කොළපාට
කෙඳි අතර
අලුත් පැහැයක් තවම හොයනවා

ගස් අහිමි වන රටක
තුත්තිරි ගසුත් හරි මග ගසෙක
ලගින්නට ගස් නොමැති කාලයක
දෙවියන්ද බසිනු ඇත පොළොවටම

සමාවුව මැනවි මට
කපනවා තමයි ගස්
කපන්නට බැරි නිසා
බොරුවටම සිඹින අත්

ගස් කපනවා - තැඹිළි බානවා
තුත්තිරි ගසක් ගැන
වුනත් මට
ඉඳ හිටක පොඩි දුකක් හිතෙනවා

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails