Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අප්‍රේල් සැඩ හිරුට මුවා වෙන්නට නොදී
වළාකුළු සිරගතව කිසිත් නොකියා හිඳී
දුඹුරු පැහැ දූවිල්ල මඟ දෙපස පැන නැගී
අඳුරු මතකයන් රැස මත පතිත වී රැඳී

එරබදු ගහේ මල් රතුපාට වෙනු පෙනේ
දුර ඈත රතිඤ්ඤා හඬට සිත තිගැස්සේ
ගෙන්දගම් සුවඳ මැද මිනිස් සුවඳක් දැනේ
ජීවිතයෙ අරුත ගැන යළි සිතන්නට සිතේ

ඔබ ගියා අතින් ගත් කිසිදෙයක් නැති විලස
සියළු දේ මහ පොළොව මත තබා පොහොර ලෙස
ලියූ කවියක් තිබුණි වැරහැළිව මග කොනෙක
දිවි පිදුමෙ උතුම් බව ලියා තිබුණා නොවෙද

ගසට මල් පල යලිත් හිමි නොවන බව දන්න
ගසම ඒ මල් පලින් ලෝකයට පුද දුන්න
කපා හල පසුව වුව කිසිත් නොකියා උන්න
කෙනෙකු ගැන අදත් බෑ කිසි ලෙසින් අදහන්න

ඇට මිදුළු විනිවිදින වේදනා දරාගෙන
ලෙයින් යකඩින් මැඩුන විසල් පව්වක් ලෙසින
අදත් ඇති කොතැන හෝ අපට නොපෙනෙයි එතැන
ගරාවැටෙනා මෙබිම දෙස ඔහේ බලාගෙන

හැමදාම අප්‍රේල් මාසයට මල් පිපේ
කොවුල් හඬ බැරෑඬිය, ඒත් ඉඳහිට ඇසේ
මතකයන් අමතකය ඉටිපහන් දැල්වෙතේ
ඔබේ රුව ගුණය ගැන සොයන වුන් හිඟ වෙතේ

සහෝදරයන් සිව්මහල් පායෙහි රැඳේ
රතුපාට කමිස මදිමින් ඉතින් සැරසෙතේ
මේ උන්ගේ මාසයයි නුඹලාගේ නම් නොවේ
මස් වෙළෙන්ඳන් වගෙයි කව්ද කියනවා ඇසේ

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails