Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රොබර්ට් බේ‍්‍රසන් කියන්නේ සිනමා කලාවේ සාන්තුවරයෙක්. ඔහු අතින් නිමවුණ වඩාත් හද කම්පනය කරන යාඥාවක් තමයි ‘ඕ හසා(ර්) බල්තසාර්‘ (Au Hasard Balthazar (1966)) කියන චිත‍්‍රපටය. බූරුවෙකුගේ උපතේ සිට මරණය තෙක්, ඌ බූරුවෙකු වීමේ ආත්ම ගෞරවයත්, ගොළු සත්වයෙක් ලෙස පාලනය කිරීමට නොහැකි සිදුවීම් හමුවේ ඒවාට මුහුණ දෙන අයුරුත් මේ කතාවේ සිත්තම් වෙනවා. සිංදු කියන, කතා කරන, සිව්පාද මානව රූපී කාටූන් සත්වයෙක් නොවෙයි බල්තසාර්, මේ බූරුවාහෙ. ඇත්තටම, සරලවම කියනවනම් ඌ බූරුවෙක්.

අපි බල්තසාර් මුලින්ම දකින්නෙ අස්ථාවරව අඩි තියමින් යන අලුත උපන් පැටියෙක් හැටියට. ඒ වගේම මේ දර්ශනය චිත‍්‍රපටයේ ඉතිරි කොටස් ගැන ඉඟියක් සපයනවා. ඊට පස්සෙ ළමයි තුන්දෙනෙක් උගේ හිසට වතුර වත්කරමින් ඌව භෞතීස්ම කරනව. බේ‍්‍රසන් මෙයින් අදහස් කරන්නට ඇත්තේ පල්ලිය උගන්නන ‘මිනිසුන්ට පමනක් ස්වර්ගයට යන්න පුළුවන් කියන කියමන එහෙම එකක් නෙවෙයි, දෙවියන් විසින් මවන ලද ඕනෑම සත්වයෙකුට එය කළ හැකි බව’ පෙන්වා දීම වෙන්න පුළුවන්.

බල්තාසාර්ගෙ ජීවිතේ සියලු තීරනාත්මක දේ සිදුවුණ, මුල් අවධිය ගෙවුනේ ප්‍රංශයේ ග‍්‍රාමීය ප්‍රදේශයක ගොවිපලක. විටක දෙතුන් වතාවක්ම ඌ එකම අයෙකුට අයිති වුණා. ඔවුන්ගෙන් ටික දෙනෙක් හොඳ වුණත් හැමෝම වගේ වැරදි සහිතයි. ඒ වුණත් සතුන් කෙරෙහි හැඟීම් රහිත නොවූ, නපුරු ද නොවූ එක් බේබද්දෙක් හිටියා.

බල්තාසාර්ගෙ පලමු අයිතිකාරය තමයි එයාට ඒ නම දුන්නු මරී. ඇයගෙ තාත්තා ප්‍රාදේශීය පාසලක ගුරුවරයෙක්. කවද හරි ඇයත් සමග විවාහ වෙනව කියල එකඟවුණ එයාගෙ සෙල්ලම් සගයගෙ නම තමයි ජැක්. ජැක්ගෙ මව මිය යන අතර ශෝකයට පත් පියා සිය පූර්ණ විශ්වාසය දිනාගත් මරීගේ පියා වෙත ගොවිපල තබමින් දිස්ත‍්‍රික්කය හැර යනවා. මරී බල්තසාර්ට ආදරෙයි. ඇය බල්තසාර්ගෙ කටකලියාව කැලෑ මල්වලින් සරසල එයින් ප‍්‍රමෝදයට පත් වෙනවා. නමුත් ඒ පලාතෙ ළමයි ඌට කරදර හිරිහැර කරන විට ඇය ඌව රැක ගැනීමට කිසිම දෙයක් කරන්නෙ නෑ.

මරීගේ තාත්තා උඩඟුකම පිලිබඳව වූ පවක සැකකරුවෙක්. ඊර්ෂ්‍යා පරවශ අසල් වැසියන් ඔහු අයිතිකරුගෙන් සොරකම් කරනවායැයි ආරංචි පතුරුවා හැරීමෙන් පසුව තමා පූර්ණ අවංකත්වයෙන් ගොවිපල පාලනය කලා වුනත් අදාල ලියකියවිලි, ගනුදෙනු කළ රිසිට් පත් දීම එයා ප්‍රතික්ෂේප කලා. ඔහුගේ මේ මුරන්ඩු ස්වාභාවය එයාව බංකලොත් කලා. මේ අතර බල්තාසාර් බේකරි කරුවෙකුට අයිති වී ඌව පාන් බෙදා හැරීමට යොදා ගන්නවා. ජෙරාර් බල්තසාර්ට නරක ලෙස සලකන අතර අපයෝජනයට ලක්කරනවා. ඌ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන විට ජොරා උගෙ නගුටෙ කොලයක් ඔතා ගිනි තබිමින් ඊට ප්‍රතිචාර දක්වනවා. අවසානයේදී ඌ කඩා වැටෙනවා.



නමුත් නගරයේ සිටි බේබදු මිනිසා ඌව රැකගනිමින් නැවත ජීවත් කරවනවා. ඉන් පසුව උගේ ජීවිතේ ප්‍රීතිමත් කෙටි මොහොතක් උදා වෙන්නේ ගණිත ගැටලු විසඳන සත්වයෙකු ලෙස හයර් කරන්න වුනාට පස්සෙ. ඉක්මනින් උගේ ජීවිතය අවසානය කරා ලඟා වෙනවා. දැන් බල්තාසාර් විශ්‍රාමික දේපලක්. පසුව ඌ ආපසු ඉබාගාතෙ යමින් තමා ජීවිතය පටන් ගත් මරීත් ඇයගේ පියාත් සොයාගත් ප්‍රදේශයට යනවා. නමුත් මෙය භාවාත්මක අවසානයක් නොවෙයි. දුර්වල ගෑනු ලමයෙක් වුනු මරී යොවුන් වියට පැමිණ නැවත පැමිණ ඇයට තවමත් ආදරය කරන බව පවසන ජැක්ව ප්‍රතිකේෂේප කරනවා. තමන්ගේ ලෙදර් සපත්තුවෙනුත්, මෝටර් සයිකලයෙනුත් තෘප්තිමත් වුනු ජෙරාර්ට මරී කැමැත්ත පල කරනවා. එවිට අපි බල්තාසාර්ගෙ දෙනෙතෙහි දකින්නේ නපුර ලේසියෙන් පැමිනෙන, මිහිරියාවෙන තොර ලෝකයක, වැරදිකාර දුර්වල මිනිසුන්ගෙන් පිරුනු කුඩා ගමක්.

මේ අපි දකින දේ. නමුත් බල්තසාර් දකින්නෙ මොනවද? බ්‍රෙසන්ගේ ලඟාවීම්වල සුබුද්ධිකතාව තමයි විස්තර කල හැකි, බල්තසාර් ප්‍රතික්‍රියා කරන දර්ශනවලට අවස්ථාවක් නොදීම. වෙනත් චිත්‍රපට සත්වයන් ඇස් කැරකැවීම, බරට අඩි තබා යාම වැනි දෑ කලත් බල්තාසාර් එයින් වෙනස්. ඌ සාමාන්‍ය විදියට ඇවිදිනව. බලාපොරොත්තුව ඉන්නවා. පැහැදිලිවම බූරුවෙක්ගෙ විලාසයෙන්. ඒ වගේම ඌ දැනගෙන හිටිය තමා බර උසුලන්න ඉන්න සත්වයෙක් බව. තම ජීවිතය බර දැරීමට හෝ නොදැරීමටත්, වේදනා විඳීමට හෝ නොවිඳීමටත්, කලාතුරකින් සතුටු වීමටත් ඇති එකක් බවත්, මේ සියල්ලක් එක හා සමානවම තමාගේ පාලනයෙන් එහා තියෙන ‍දේවල් බවත්.



කොහොම හරි මේ සිනමා පටයේ බල්තාසාර්ගෙ බූරු හඬත් අසන්නට ලැබෙනවා. ඒ හඬ මිහිරි එකක් නොවුනත් බූරුවෙකුට නගන්න පුලුවන් එකම එක හඬ ඒක. බල්තාසාර්ගෙ ඒ අමිහිරි හඬ අවුල් සහගත පැමිණිල්ලක් වගේ වුනත් මට ඒක වෙනස්ම දෙයක්. ලෝකෙ හැම දෙයක්ම කියන්න එකම හඬක් දීපු ඒ හඬ නගල තෘප්තමත් බව ලබා ගන්න සත්වයෙක් ඌ. මෙහි වැදගත්ම දේ තමයි බල්තාසාර් කිසිම විටක කිසියම් උත්සව අවස්ථාවක ඉඟි සැපයීමට හඬ නොනැගීම. එයින් ඌව කාටූන සතෙකු වීම වලක්වනවා.

බූරුවෙකුට තමන්ගෙ සිතැඟි හෙලි කරන්න විදියක් නැති වුනත් ඒ සිතැඟි දැනීම අපගෙන් වලකාලන්නෙ නෑ. අපිට සලකා බැලිය හැකියි සුදු බිංදු ඉහිරුන, ලොම් සහිත මුහුන. බූරුවාට අත්විඳින්නට වුනු සෑම අත්දැකීමක් සමගම අපට කරුනාවක් දැනෙනවා. බේ‍්‍රසන්ගෙ ශිෂ්ටකරනයේ හා ආධ්‍යාත්මික යෝජනාවන් ඔහුගේ බහුතරයක් සිතුවම්පටවල දැකිය හැකියි. එම චරිතවලට ඍනාත්මක ලෙස අප තුලට පිවිසීට ඉඩ නොදී ඊට පෙර අප ඒ වෙත පිවිසෙන්න ඕනෑ. බොහෝ චිත්‍රපටවල නරඹන්නන් වෙනුවෙන් සියල්ල සිදුකර තිබෙනවා. අපට හැඬීමට හෝ සිනාසීමට ඉඟි සපයන අතරම බියවීම හෝ සහනය සඳහා අවශ්‍ය සාධක ලබා දෙනවා. (බේ‍්‍රසන් සිනමාව එහෙම එකක් නෙවෙයි.)

බේ‍්‍රසන් සහ ඕසු ගන්නේ වෙනස්ම ලඟාවීමක්. ඔවුන් සලකා බලන අතරම ඔවුන් සමගම අපට එය කිරීමට පවසන අතර අපේම වූ ක්‍රමයට ඔවුන්ගේ චරිතවලට අවසන් නිගමනවලට එලඹීමට පවසනවා. මේ තමයි භාවාත්මක සිනමාව. මෙහිදී බේ‍්‍රසන් සහ ඕසු යන දෙදෙනාම අපගේ හැඟීම් මෙහෙයවීම සඳහා තද ශෛලියක සීමාවන් භාවිත කරන බව සඳහන් කිරීම වටිනවා. ඕසු සිය ශබ්ද සිනමාවල කිසිම ලෙසකින් තම කැමරාව චලනය කරන්නෙ නෑ. හැම දර්ශනයක්ම රාමු ගත සහ ස්ථාවර වන අතර නිරන්තරයෙන්ම එය ආරම්භ වන්නෙ චරිත දර්ශනයට ඇතුලත් වීමට පෙර. එසේම චරිත නික්ම ගිය පසුත් එය ක්‍රියාත්මක වෙනවා. බේ‍්‍රසන්ගේ වඩාත් කුතුහලය දනවන කාරනය නම් නලුවන්ට රඟ පෑමට තහනම් කිරීම. සියලු ‘රඟ දැක්වීම්‘ රඟ පෑමෙන් පෙරා ගන්නා තුරු දහ දොලොස් වතාවක් නොව විටෙක පනස් වතාවක් පමන රූ ගත කිරීම ඔහුගෙ සිරිත. නලුවන් කරනුයේ සරල ශාරීරික ඉදිරිපත් කිරීම් හා වචන කතා කිරීම පමනයි. ඔහුගෙ සිනමා කෘතිවල වීර චරිත සඳහා ඉඩක් ඇත්තෙ නෑ. එයින් සිදුවනුයේ ඔහුගේ සිනමා පට අනුද්යෝගී දේවලින් පිරී පැවතීමයි.



මුලුමනින්ම ප්‍රතිපක්ෂ ලෙස ඉදිරිපත් කිරීම් හා වචන සරල කිරීම මගින් හඬ වෙනස් කිරීමට කිසිඳු අවසරයක් හෝ ශෛලීගත කිරීමට ඉඩක් නොදී ඔහු ලඟා වෙනවා කිසියම් භාවාත්මක වූ සුවිශේෂී සලකුනක් කරා සිය සිනමාවේ. නලුවන් තමන්ට දැනෙන හැටි අපට දන්වන්නේ නැතිව ඔවුන් ජීවිත සිතුවම් කරනවා. දැනෙනා දේ තීරණය කිරීමට හා අවබෝධ කරගැනීමට අපට බල කෙරෙන අතර පෙන්වනවාට වඩා දැඩි හැඟීමක් අපට නිරතුරුව දැනෙනවා.

මේ දාර්ශනිකත්වය දීමෙන්, බූරුවෙක් බ්‍රෙසන්ගෙ පරිපූර්ණ චරිතයක් බවට පත්වෙනවා. බල්තසාර් උත්සහ කරන්නෙ අපට උගේ හැඟීම් සන්නිවේදනය කිරීමට සහ උගේ භෞතික හැඟීම් දැනවීමට. හිමවලින් යටව සිටීම ඌට සීතලයි. වලිගය ගිනි ගැනීම ඌට හරි ම බියජනකයි. රාත්‍රී කෑම ගැනීම ඌට තෘප්තිමත්. අධික වැඩ කිරීම; එය ඌ හෙම්බත් කරවනවා. ඌ ආපසු ගෙදර ඒමෙන් එය විශ්වාස ගන්වනවා හුරුපුරුදු නවාතැනක් සොයාගැනීම. සමහරක් මිනිස්සු ඌට කරුනාවන්ත හෝ සමහරක් මිනිස්සු සමහරක් නපුරු වුනත් ඌ දන්නවා මානව සිතුවිලි උගේ තේරුම් ගැනීමේ හැකියාවෙන් එහා ගිය ඒවා බව. ඒ සෑම දෙයක්ම එසේ විය යුතු දේ නිසා ඌ ඒ සියල්ලක්ම සිදු වන තුරු බලා ගෙන ඉන්නෙ.

දැන් තමයි අත්‍යවශ්‍ය කොටස. බේ‍්‍රසන් යෝජනා කරන පරිදි අපි ඔක්කෝම බල්තසාර්ල. අපේ සිහින, බලාපොරොත්තු හා හොඳම සැලසුම් හැර අවසානයේ ලෝකය එයාට ඕන ඕනම දෙයක් අප සමග කරනවා. අපි සිතනවා අපට මාර්ගයක් සොයාගත හැකියි, එසේම විසඳුමක් ලබා ගත හැකියි, පිලිතුරක් සොයා ගත හැකියි කියල. නමුත් බුද්ධිය අපට ශක්‍යතාව ලබා දෙනව අපගේ ඉරනම අවබෝධ කර ගැනීමට එය පාලනය කිරීමේ බලය නොමැතිව. ඒත් තවමත් බේ‍්‍රසන් අපව හිස් අතින් යවන්නෙ නෑ. ඔහු අපට පිලිගන්නනවා සංවේදනා පිලිබඳ යෝජනාව. තනිකම තනිවම දරා ගැනීම වෙනුවට අපි අපිම විස්තාරනය වුනොත්, අනෙක් අයට දැනෙන හැටි පිලිබඳව කාරුනික වීමට, අපට දැනගත හැකියි මානව අත්දැකීම් බෙදා හදා ගැනීමේ සැනසිල්ල අපට සොයා ගන්න පුලුවන්.

'ඕ හසා(ර්) බල්තසාර්'හි අවසාන දර්ශනය ලස්සන තර්කයක් හදනවා. බූරුවා වයසයි. මරණයට ආසන්නයි. ඌ බැටලුවන් රංචුවක් මැදට ගමන් කරනවා. සත්‍ය ලෙසම ඌ ජීවිතය පටන් ගත්තෙත් ඒ වගේ තැනකින්. අනෙක් සත්වයන් එතනට ඇවිත් යනවා. සමහර වෙලාවට ඌව ඉවකරමින්, පුංචි සටහනක් තබමින්, තම සගයාව පිලිගනිමින්, හිරු එලිය හා තන බිම බෙදා හදා ගනිමින් අවසානයේ බල්තසාර් එහිම වැතිරී මිය යනවා. කොටලුවන් සිය කටයුතු දිගටම කරගෙන යනවා. අන්තිමටම ඌ තමන් සිතනවා සේම අනෙකුත් සත්වයන්ද සිතන තැනක් සොයා ගන්නවා.

[Roger Ebert ලියූ Au Hasard Balthazar (1966) ලිපියේ පරිවර්තනය.]

රොජර් ඊබට්
පරිවර්තනය - සමන් පෙරමුණ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails