Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුදු මහත්තුරු මෙහෙන් යනකොට
දමා ගිය මළ බැඳුණු බුන් තුවක්කුව
දිවිතුරක් මෙන් බැතින් ගෙන මුදුනට
වඩමවා පෙරහරින් මහගෙදරට

බින්ද ශ්‍රී වෙඩි මුරේ සද්දෙට
අඟුළු ලා දෙකන් පෙති තදට වහගෙන
බලපු ගිනිකෙළි දුරය හැම තුන්යම
ඇවිළී ගින්න කැණිමඬළ ලැයිමට

ටී පනස් හයෙන් පිට වුණු
උණ්ඩ ඇති තාම පපු කුහරවල
පනස් හය මතක් කර කර
මානමු අවිය තව තවත් අඳුරට
ගස්සමින් කොකා නිකරුණේ පඳුරට
මරමු නිදියන හා පැටව් තව තව ??

වැදුණු සැර වෙඩිල්ලේ පාරට
ලේ පුරයි තාම පපු කැවුත්තට
ඇදුම්කන හම ඉරුණු මස් ගොබ
ලකුණු පෙරමඟ පෙනෙයි පැසවන

ඔඩු දුවන හම යටින් කුණුවෙන
පාරවන විට වෙදුන් විත් මුවවිට
ලේ ගලන්නෙම කොතෙක්වත්
ඇස් දෙකට

දොළොස්දාහට විසිහතර දාහක්
පහන් තිර තෙල් සුවඳ පැන් ඇරගෙන
එන දුරුත්තේ වත් දීපාවලි දාට
ලැයිම් පිල්කඩේ උඩ
එකට ඉඳ සමරන්න
.....................

අපි මෙයින් යෝජනා කර සිටින බව දන්වමු.

[ඡායාරූපය : Greg Constantine]

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails