Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සඳකට හැකිය දිනයක
ඉරක් වී ගිනි ගෙන පුපුරන්න
හිරුටත් හැකිය හිතවත
සඳක් සේ නිවී සැනහෙන්න
ඔබට හැකිනම් ම'සොඳුර
මගෙ ලොවම අත් පසුරින් ගන්න
මටත් හැකිවේවි යම් දිනයක
නුඹ'තින් බිඳෙන වෙණ තත වන්න...

සුළඟ එන එන අතට
හැරුණද රුවල හැමවිට
නුඹ නොදැන සිටියෙද ඔරු බඳ
රැගෙන ගිය බව දියඹට...
අකුණු එළියට මග වැරදුණ
වැහි ලිහිණියකු රෑ අහසක
පැටි සුවඳ කොහොම හෝ ඉවකර
ගල් කුල නොනැග සිටියෙද...

දිගෑදී දස අත දිව්ව
බිම් තඹරු වැල් වල ඉඳ හිට
කට කොනින් හිනැහී බලන
දම් පාට නුඹ දුටුවෙද...
රෑ තරු එළියකට පෙම් බැඳ
වැලි තුළින් මතුව හිනැහෙන
පුංචි කැස්බෑ පැටියෙකුට
යන්න ඇති දුර ඔබ දන්නවද...

නිරාෂ ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails