Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මිතුර මතක ද තාම
නුඹෙ එදා සන් මිත්‍ර,
ඩලස් මම

දෙවන වර දියවන්නාවෙ ආවාම
නිතොර සිහි වුණා මට දුටුවාම
පහු කරන් යන විටදි
කහ ගැහුණු ඔය මුහුණ..

උඹට කොකා ගස්සපු අතයි
මගෙ අතයි
දෙකම එක්වී මචං,
ශක්තිමත් කරනවා දැන් ඒ දෑත

කොළොම්පුර දැන් මචං
සිංගප්පූරුවක් වාගෙමයි
අහිංසක ආරාම,කහ ගැහුණු හිටි පිළිම
ගැලපෙන්නෙ නැහැ මචං

සුපිපි කුසුමන් පිරුණු උයන් තෙර
ප්‍රේමාරාම ගොඩනඟාගෙන
අහිංසක ජෝඩු ලව් කරනවා
උඹ එදා හිටි තැනත්
උඹ වගේ කැනැස්සෙක් නොවෙයි බන්
පාංශු දේහධාරී පොරක්
පුන් පයෝධරෙන් යුත් ළඳක්
වෙළු කැවි කැවී ඉන්නවා

දුක් වෙන්න එපා බන්
උඹ සිහි වෙන්න මට
නාලන්ද ඉස්කෝලෙ නම තියෙනවා..

සඳුන් ප්‍රියංකර විතානගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails