Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මට මගේ මතකයෙන්
මරා ගත නොහුණු අතීතය
බළල් ඇස් සහිතව
මැදියම් රැයෙත් මා අසලය.....

පංසලේ මල් පහන් පූජා කර
දේවාලයේ බාර ගැට ගැසුව
ආදරණීය අම්මා
පෙවූ කිරි මුරට සිටි යුගය

නොපියවූ අඳුරටත් හුරු දෑස
ගසක සෙලවීමටත් තැතිගත් මසිත
පෑගුණොත් රිදීගෙන හඬන්නට
ගේ අවට වියළි පොල් කොළ ගෙනත් ලෑ යුගය

ඇසුණොත් හැඬුම් හඬ
පැන පිළිකන්න පැත්තෙන්
දිවගිය යුගය

දඩ බල්ලො රෑනක්ව සිතිවිලි
මතකයට පයින් ඇන කූද්දයි
සැණකොළියෙ යෙදීගත් නරයට
ළඟම ළඟ අතීතය අමතකයි

නැඹුරු කර හිස බිමට
ළඟ දිනක නගරයේ ඇවිද ගිය
ඔසවා බැලූ එක ඇසිල්ලක
මට මගේ අතීතේ ඇස් හමුවිය

හැඳුනුම්පතින් නම් දෙමළාය
එසේ මුත්
ඒ ඇස්
මගේ මය...

හාන්සි පුටු පෙරළා දැමූ
සනීප සිහින කුඩුකර දැමූ
මට අඳුනන්න බැරි මොකද
අතීතේ මගේ ඇස්

අතීතේ මගේ ඇස්
වර්තමානය තුළ නුඹේ නම්
ඇස් ලැබ දෙනු පිණිස දකුණට
නැවත හිස් දන්දිය යුතු වෙද.....?

වදකයන් සිහසුනට නංවා පුදන
මතකයන් ගැඹුරටම වළ දමන
නිහඬ බව හඬ නගා හඬ තලන
මල් සුවඳ අහිමි කරගත් දකුණ.......

[කොවුල් හඬ මගේ හඬ | 1999]

ප්‍රින්ස් සේනාධීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails