Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(කවි කතාවකි.)

ප්‍රෙස් ක්ලබ්බෙකේ මුල්ලක අඩ අඳුර සොයා
ගල් බෝතලේකට බාගෙට පපුව තියා
බාගෙට දෙ ඇස් හැර ආපසු දෙ ඇස පියා
යළි ඇස් අරින වීදුරුවක් ඉගිළ ගියා

වමට ගේම ඉල්ලුවොතින් උදහාසේ
මාවෝ නැතොත් ‘උඹෙ අම්මගෙ’ ඉතිහාසේ
මහජන යුද්ධයයි බාගෙක සන්තෝසේ
අසෝක විදුරුවෙ ඉහිරෙයි මඳහාසේ

ඩොමීනියන් එක මැදුරකි නුගේගොඩ
වලේ දෙකක් දැම්මොත් නාරහෙන්පිට
රිකී එකෙන් කට පිහිදන් ඇදෙනකොට
කොලෝනියල් එක දැක්කත් අනේ ගොඩ

කොන්ද නමාලූ කැමරා බෑග්ගෙක
මාධ්‍යයෙන් නුඹ පුදදුන් තෑග්ගක
ෂටර් ස්පීඞ් එක වැඩිවුණු සාජ්ජෙක
ඇපචර් එකට සමපාතයි හාට්ටෙක

තිත්තයා අතට එනතුරු උගෙ වාරේ
කොක්කු හොයනකොට මහජන ගංතීරේ
පීඑස්ඞී එකෙන් ගිළිහුණු පොලු පාරේ
කැමරා කාචයෙන් පෙනුනිද සංසාරේ

අතුලගෙ පොට් එකේ සේසතම හිස්වුණේ
පිටකොටු යන්න කලියෙනි ඩබල නස්වුණේ
වැටකොළු මලේ කවියට දෑස් ගැස්සුනේ
ඇටකටු බොඩියෙ හදවත බරයි මස්සිනේ

බඩේ බැඳපු ෂොට්ටෙක වාසනාවන්
අපේ පරණ සැට්ටෙක වාසනාවන්
උඹේ යාළු ෆිට්ටෙක වාසනාවන්
අනේ නුවර බස්සෙක වාසනාවන්

විස්සෙ කණුව පහුවෙනකොට සිහින වල
බැස්සෙ නැතත් හිත එනවා මගලෙගොඩ
පිස්සු හැදෙනසුළු පෙමකින් වැළඳගෙන
අස්ස කුලප්පුව වැළඳෙන දියර බොන

අහවර වුණ ගමන් මේ සෙප්පඩ විජ්ජා
කටුනායකත් මත්තල සේ වෙයි ලැජ්ජා
වඩියක බහිමු පොලියට ගෙන සිහි මුජ්ජා
කලගෙඩිහේනෙ හන්දියෙ හිටපං අජ්ජා

[ඡායාරූපය : Gage Salyards]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails