Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිතවතුනි, දවස් තුන් සිය හැට හතරහමාරක් ම ධනපති ආණ්ඩුවට කඹුර කඹුරා "ඇඟ" මහන්සි කර වෙහෙසවන මේ සුවිශේෂී "ඇමති කම්කරුවන්" තිදෙනා, අවුරුද්දෙන් එකම එක දවසක හාෆ් ඩේ එකක් දමා චූට්ටං ඉන්ටවල් එකක් ගැනීමට චුට්ටිම චුට්ටං මැයි රැළියක් පවත්වීම මොන තරම් අහිංසක විනෝදයක් ද? ඔවුනට අපහාස නොකරන්න. කාටූන් නොඅඳින්න. මඩ නොගසන්න. අහෝ ඒ මැද ඉන්නා කම්කරු නායකයා චුට්ටංම චුට්ටං නැප් එකක් ගැනීමට සැරසුණා පමණි. කිසියම් කෙනෙකු පැමිණ ඔහුට බාධා කරන අතර වම් පස ඉන්නා වාමාංශිකයා ඔහුව ඇහැරවීමට චුට්ටං තට්ටුවක් දමයි.

නැහැ නැහැ හිතවත ඒ වම් පස ඉන්නේ ලෙනින් නොවේ. වාසුය! මැද නිදා ඉන්නේ (පව් එයා!) ඩිව් ය. දකුණට බරව තිස්ස ය. නැහැ නැහැ පිංවත මුවා පසුපස ලුහු බඳින තිස්ස නොව, (මෝටරේ වැරදියට කැරකීමෙන්) මුවා විසින් ලුහු බඳිනු ලබන අහිංසක තිස්ස ය.

සිනා නොවන්න හිතවතුනි, සිනා නොවන්න. විප්ලවීය තත්ත්වයන් මෝරන තුරු චුට්ටිම චුට්ටි නැප් එකක් ගැසීම පංතිය පාවා දීමක් ද? අනාගතයේ කවදාම හෝ කවදාම හෝ කවදාම හෝ දවසක මේ ආණ්ඩුව යහ මගට ගැනීමේ පරම පිවිතුරු චේතනා පෙරදැරිව මැදමුලනෙන් එවන ඕනෑම දහ අට ශ්‍රී වාහනයක පවා නැග නැගා, ඇමතිකමත් රැකගෙන ශිශිරතරණය කරන මේ උතුම් මිනිසුන් (ඇයි යකෝ) පොඩි නින්දක් ගැහුවාම මක් වෙනවාද?

ඉතින් පිංවතුනේ අපි මේ ඇමති භයානක විප්ලවවාදී ඇමති කම්කරුවන්ට කුමක් පතමුද? (පිළිතුර ඔබම තෝරන්න.)

1. ජය පතමු.
2. දීර්ඝායුෂ පතමු.
3. සුව නින්දක් පතමු.
4. ඉක්මන් සුවය පතමු.
5. නිවන් සැප පතමු.

කක්ෂපුට



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails