Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සත්ත්ව සන්තතියෙන් වෙන් වී ඉදිරි පාද දෙක ඔසවාගත් මිනිසා ලෝකයේ විවිධ ප්‍රදේශ තුල තමන්ට අවේණික වූ භෞතික සහ මානව සාධකයන් මුල්කර ගනිමින් ශිෂ්ටාචාරගත විය. අනතුරුව මිනිස් සමාජය ක්‍රමිකව විකාශණය වීමත් සමග මිනිසා තම වාසස්ථානය වන පෘථීවිය සහ එහි අවට ඇති ජීවී අජීවි වස්තූන් පිළිබදව විමර්ෂණශීලීව නිරීක්ෂණය කිරීමට අභිරුචියක් දක්වන්නට විය. තමා නිරික්ෂණය කල ලෝකය අන්‍යයන්ට සන්නිවේදනය කිරීමටත් එය වඩා දෘෂ්‍යමාන අකාරයෙන් ඉදිරිපත් කිරීමටත් ඔවුන් නිරතරයෙන් උත්සහදරා තිබෙන බව පෙනීයයි. මෙහිදී මුලින්ම චිත්‍ර කලාව ආරම්භ වන්නට ඇත. අනතුරුව මෙම අදහස් සන්නිවේදනයේ උච්චතම අවස්ථාව වී ඇත්තේ මිනිසා විසින් භාෂාව නමැති උපකරණය නිර්මාණය කිරීමත් ලේඛන කලාව සංවර්ධනය කිරීමත් ලෙස හැදින්විය හැකිය. කෙසේ වෙතත් අද වන විට අංකිත තාක්ෂණයේ සිඝ්‍ර දියුණුව සියලු සන්නිවේදන ක්‍රමවේදයන් අනුකලනය කරමින් මානව සමාජයට ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් කරමින් පවතී.

මෙම ලිපිය තුල අවධානය යොමුවන්නේ සන්නිවේදන තාක්ෂණයේ සීඝ්‍ර සංවර්ධනය සමග සමාජය තුළ සිදුවී ඇති ඍණාත්මක බලපෑමේ අවකාශිය විතැන් වීම සහ ශ්‍රී ලංකාව පරිහානියට ලක් වූ රටක් ලෙස ලෝක සිතියමේ කැපී පෙනීමට බලපෑ සාධක පිළීබද විග්‍රහයක් සැපයීමටයි.

Google අයතනය මගින් 2012 දෙසැම්බර් දක්වන ලද වර්තාවන්ට අනුව Sex යන වචනය සෙවීම පිණිස, වැඩි වශයෙන්ම ප්‍රවේශ වී ඇති රාජ්‍යන් අතරින් ඉහලින්ම සිටින රජ්‍යය බවට පත්වී ඇත්තේ ලංකාවයි. මෙහිදී පළමු ස්ථානයේ පෙන්වන ශ්‍රී ලංකාවේ දර්ශක අගය 100% වන අතර දෙවන ස්ථානය පෙන්වන ඉන්දියාවේ දර්ශක අගය 88% කි (2012 දෙසැම්බර් 31 දත්ත වලට අනුව). මෙම දර්ශක මගින් ශ්‍රී ලාංකික සමාජයේ එක් අදුරු පැතිකඩක් මැනවින් නිරූපණයවේ. ධර්මිෂ්ඨ රාජ්‍යක් කරා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ අපූර්වත්වයත්, රට ආසියාවේ ආශ්චර්ය බවට පත්වී ඇති අපූර්වත්වයත් මින් පිළිබිඹු වේ. දේශපාලනවේදිකාවක මෙම දර්ශකයන් අධිරාඡ්‍යයවාදී කුමන්ත්‍රන ලෙස පටුකොට විග්‍රහ කල හැකි වුවත්, සමාන්‍යය සමාජය පිළිබදව සවිඤාණික අයෙකුට මෙම දර්ශකයන් පිළිබද විවේචනයක් තිබියක් තිබිය නොහැක.

මෙවැනි ප්‍රපාතයකට ලංකාව සිඝ්‍රව බෑවුම් ගත වීමට හේතුව කුමක් ද? මෙම ප්‍රශ්ණයට පිළිතුරු සෙවීමේ දී රන්බණ්ඩා සෙනවිරත්නයන් තම කෘතියක දක්වා තිබූ බයිසන් ගවයන් පිළිබඳ දක්වා තිබූ සිදුවීමක් ඉතාහොද ප්‍රවේශයක් සපයයි.

''ඇමරිකාවේ බයිසන් නම් කුළු මීහරක් විශේෂක් ඇත. (ගවරු ලෙස හදුන්වන්නේ මේ හරක් වර්ගය විය හැක.) ගවරු දහස් ගණනක් රංචු වශයෙන් ජීවත් වූහ. එකල ඇමරිකාව පුරා විහිදී සිටි රතු ඉන්දියාන්වරු මේ ගවරු රංචු ඉන්නා ස්ථානයන් අසල එකවර ඉතා පහලට භයානක බෑවුමක් ඇති තැනක් බලාගෙන ගවරු රංචුව ඒ දෙසෙට එලවන්නට පටන් ගනී. ගවරු රංචුවේ නායකයා අර මහ බෑවුමට පන්නා ගත්විට (ඌ වැටී මැරෙයි.) අනෙක් ගවරුන් සිය ගණන් පිළිවෙලටම පැන එකාපිට එකා සිය ගණන් මැරී යති.''

රටක හෝ ආයතනයක පරිහානිය අරම්භ වන්නේ එහි නායක්වයේ පරිහානියත් සමඟ බව විවාදයක් නැත. ලංකාවටත් අත් වී ඇත්තේ මෙවැනි නොමග ගිය නායකත්වයක ගැටලුවක් ද?


කෙසේ වෙතුදු මෙම පරිහානියේ වින්දිතයන් බවට පත්වී ඇත්තේ පාසල් යන වයසේ දරු දැරියන්ය. මොවුන් ගත කරන නව යොවුන් විය ජීවිතයේ සුවිශේෂි අවධියකි. ශරීර අවයව වර්ධනයත් සමඟ වැඩිහිටියකු ලෙස තමන්ට දැනීමත් ශරීරකව සිදුවන හෝමෝන වල බලපෑමත් හේතුවෙන් ඔවුන් ලිංගික කරුණු පිළිබදව කරුණු සොයන්නට යෑමත් එසදහා අන්තර් ජාලය බහුලව භාවිතයට යොමු වීමත් දක්නට ඇත. අද සමාජයේ ලිංගිකත්වය අමුතුම දෙයකි. සාමාන්‍යයෙන් මෙවැනි සමාජ ලක්ෂණ අඩු ආර්ථීක සංවර්ධනයත් සමඟ දක්නට ලැබේ. ලිංගිකත්වය ජීව විද්‍යාත්මක දෙයක් ලෙස විග්‍රහ නොවීම තුල, එය ආර්ථීක උපකරණයක් බවට පත්වී ඇත. ජීව විද්‍යාත්මක වශයෙන් ඇති වන විරුද්ධ ලිංගික ඇසුරට ප්‍රිය කිරීම ආර්ථීක උපකරණයක් වීමත්, ඒ සදහා සමාජ ප්‍රවේශය සංවෘත වීමත් තුල ලාංකික සමාජය දෝලනය වෙමින් පවතී.

සමාන්‍ය ලෝක ප්‍රවනතාවය වන්නේ ක්‍රමිකව ලිංගික චර්යාවන්ගේ වෙනස් වීමකි. ඇල්ෆ්‍රඩ් කින්සි පණහ දශකයේදී මානව ලිංගික චර්යාවන් පිළිබදව කරන ලද අධ්‍යනයකට අනුව 17% පමණ පිරිමීන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති අතර 33% පමණ කාන්තාවන් විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වා ඇත. නමුත් පසු කාලීනව කරන ලද පර්යේෂණ වලදී හෙලි වූයේ 97% පමණ පුරුෂයන් ද 67% ස්ත්‍රින්ද විවාහයට පෙර ලිංගික ක්‍රියාකාරකම් වල යෙදී ඇති බවයි. මෙම තොරතුරු අනුව පැහැදිලි වන්නේ ලෝක ප්‍රවණතාවය ලිංගික ක්‍රියාකාරකම් වැඩි වීමක් දක්නට ලැබීම වුවත් ලංකා සමාජය තුල ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව අසාමාන්‍යය වැඩි වීමක් දක්නට ලැබීම ගැටලුවකි.

මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස විග්‍රහ කළ හැක්කේ සම්ප්‍රදායිකව පැවති සමාජයක් සීඝ්‍ර වශයෙන් අධ්‍යාපනික හෝ තාක්ෂණික විඥාණය වර්ධනය වීමට පෙර ලෝකයට විවෘත වීමයි. බටහිර, ආර්ථීක වශයෙන් සංවර්ධිත රාජ්‍යන් තම අධ්‍යාපන ක්‍රමය විවෘත කිරීමත් ලිංගිකත්වය හුදෙක් ජීවිතයේ ඇති ලබා ගත නොහැකි අන්තිම අරමුණ බවට පත් නොකිරීමත් තුළ ඉන් ඔබ්බට සිතීමට ඔවුන්ට හැකි වී ඇත. ලංකාවේ තත්ත්වය මෙයට ප්‍රති විරුද්ධ ය. බොහෝ ලාංකිකයන්ට ලැබෙන ඉහලම වරප්‍රසාදය වී ඇත්තේ විවිධ පුද්ගලයන් කිහිප දෙනෙක් සමඟ ලිංගිකව එක් වීමට ලැබෙන අවස්ථායි. ධනය, බලය පමණක් නොව අධ්‍යාපනයේ ද හිනිපෙත්ත සහ අරමුණ බවට පත් වී ඇත්තේ එයයි. මෙවැනි තත්වයක් තුල ලංකා සමාජය තුල ලිංගික අල්ලස් වලට ඇත්තේ සුවීශේෂි වටිනා කමකි. හැකියාවන් දක්ෂතාවයන් නැති අයකුට වුවද ලිංගික දේශපාලනය හරහා ගමන් කොට සමාජයේ ඉහලම තැන් වල වැජඹීමට හැකියාවක් ඇත.

ශ්‍යාම්. එස්. අයි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails