Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඝණ නීල අහස් ගැබ
කෝ ගෙනා වළාකුළ
සිඳු ගැඹර සිතිජ ඉම
වේදනා පිරිමදින

සැම තැනම අඳුර යට
මතක අමතක නොවෙන
කිහිරඟුරු වැලි පලස
රහස් සඟවා හිඳින

අතපාන පොඩිත්තෙකු
ජීවිතය සොයාගෙන
මඟ වැරදි අය අසල
මුනිවතින් කල් බලන

ඉරුණු රන්මසු කොළය
වැහැරි අත මත තබන
කෙසඟ කේඩෑරි වත
වාන් දමනා වැවෙක

වළාකුළු ඇවැසි තැන
කිමද සැඟවී හිඳින
හිස මතට වැස්සක්ව
ඇද හැලිය යුතු නොවෙද?

දැවෙන කාලය ඇවිත්
නියං සායම රැගෙන
ඉරට එක හැතැක්මයි
දුප්පතුන් හට දැනෙන

පොළොව වැටකඩුලු බැඳ
අයිති කර ගත් අයම
අහස තම රිසි විලස
තමන්ගෙම යැයි කියන

වළාකුළු එක යාය
එකම ගමනක නොයන
විසිරි ගොස් තැනින් තැන
කෑලි කැබිලිති සදන

වනස්පති තුරු නොමැත
එඬරු ගස් කෑ ගසන
තනිව මියෙනා රුකක්
මදහාසයක් නගන

වළාකුළු උදුරගත්
අහස නිරුවතිනි හෙට
විසිරි ගිය වළා කැටි
බැටළු රෑනකි සබඳ

තැනින් තැන ඇවිද යන
අරමුණක් නැති ගමන
ගොපල්ලෙක් අහිමි වුන
ගමනක්ය අඳ නෙතින

එකතු වුන විට දිනෙක
සොඳුරු සෙවනැළි සදන
දුර දකින නෙත් සහිත
අත් දෙකක් අපි සොයන

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails