Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මා වැනි දුමින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා...."


පොලු ගත්තා නම් මතකයි
වැඩ වර්ජන මතක නැතෝ
කඩු ගත්තා නම් මතකයි
කුඩු බෙදුවා මතක නැතෝ
ආකර්ෂා නම් මතකයි
හිරුණිකාව මතක නැතෝ
හාරත ආසිය මතකයි
භාරත නම් මතක නැතෝ……!!!

සිංගප්පූරුව මතකයි
කොළොන්නාව මතක නැතෝ
ජ’පුරේ රෝහල මතකයි
නවලෝකේ මතක නැතෝ
මනාප ගත්තා මතකයි
බත් පාර්සල් මතක නැතෝ
කවුන්සිලේ නම් මතකයි
වෙන මොකවත් මතක නැතෝ……!!!

"මා ඔබෙ නිරින්දා
ගමි ඔබ ළඟම රන්දා
රජ සැප විඳින හන්දා
යෙහෙන් වැජඹෙව් පුත දුමින්දා....."


[ඡායාරූපය ඩේලි මිරර් වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.]

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails