Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුදු පාට බිත්ති කෙළවර
කඳු පෙළකි නැති තුරු පෙල
කිසි පලුද්දක් නොමැති
හීන් නූලෙන් වියා
විශ්මකර්මත් දෙවැනි කළ

දෙවා අත් පොත් මරුට
තවෙකෙකුට
නිවා සැනැහෙන්න
තම බඩ වියත
නියවමින් ඇතුලු සිත
දැති කියත

කෙනෙකු එනතුරා
තම මායිමට
සිල් රෙද්ද
හැඳ හිඳිත

උදක විල බට කුමරුට
ආපසු ගමන නැතිවුන
පිපාසය සිත දෙන
අහවිද දෙසන බුදු බණ

මැසි මදුරු කෝඳුරු
නොම දැන ගමනෙ පැටලුන
දැනෙන විට කල් පසුඋන
මරු වැල බැඳුණු වියමන

සිය පින් සිරින් සරූ
හිස් උනගෙ කුස් ගිණි පිරූ
මග නොම දැන සැරූ
හුදී ජන රළ
වැළඳ ගති මරූ...

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails