Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත කුමාර විසින් රචිත "සරුංගල් සමනල්ලු" තිර රචනය එළිදැක්වීම හා සිනමා කතාබහ, 2013 ජුනි 27 වන බ්‍රහස්පතින්දා, ප.ව. 2:00ට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වෙයි.

දෙසුම්- ධර්මසිරි බණ්ඩාරනායක, උපුල් ශාන්ත සන්නස්ගල

"මම සිනමා කෘතියක් කරන්නේ මගේම පිටපතකට අනුව. කවදාවත් වෙන කවුරුවත් ලියූ පිටපතක් තාම අධ්‍යක්ෂණය කරලා නැහැ. ලංකාවේ හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඒත් දුලබ හොඳ පිටපත්. හොඳ පිටපතක් නැතුව හොඳ සිනමා කෘතියක් කරන්න බැහැ. සිනමා කෘතියක් බවට පරිවර්තනය කරන්න බැරිනම් පිටපතක් ලියන්න එපා කියලයි අපි ඉගෙන ගෙන තියෙන්නේ. ඒත් චිත්‍රපටයක් බවට නොපෙරළුණු සිනමා සංකල්ප කොයි තරම් නම් ප්‍රමාණයක් ඒ සංකල්ප රූප මැවුණු ඔළු තුළම මියැදී යනවාද? අඩු තරමින් එහෙම සංකල්ප ගැන්වුණු සිනමා සටහනක් මුද්‍රිත පිටපතක් හැටියට එළිදැක්වුණාම, ඒක තවත් කෙනෙකුට තමන්ගේ මනස ඇතුළේ චිත්‍රපටයක් හැටියට නරඹන්න පුළුවන් වෙයි.

ඒ හින්දා තාමත් චිත්‍රපටයක් නොවුණු මේ සිනමා සංකල්පය පිටපතක් ලෙස මුද්‍රණයෙන් එළිදැක්වීම වැදගත්. කවදා කවුරුන් හෝ මේ ඇසුරින් චිත්‍රපටයක් කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්. ඒත් ඕනෑම කෙනෙකුට මේ පිටපත කියවමින් තමන්ගේ ඔළුව ඇතුළේ චිත්‍රපටයක් නරඹන්න පුළුවන්. ඒ සඳහා වෙහෙසුණු මේ තරුණයින්ගේ ප්‍රයත්නය අගය කළ යුතුයි."

-අශෝක හඳගම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails