Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[ඩෙරික්ගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ වෙඩිපහරකට හසුව මියගොස් ඇත. මාධ්‍යවේදියෙක් ඒ සම්බන්ධයෙන් ඩෙරික්ගෙන් අදහස් විමසයි.]

මාධ්‍යවේදියා- ඩෙරික්, මම දන්නවා මේක දරාගන්න අපහසු මොහොතක්. ඔබට කොහොමද දැනෙන්නේ මේ වෙලාවේ?

ඩෙරික්- මං හිතන්නේ ඒක සාමාන්‍යයයි.

මාධ්‍යවේදියා - සාමාන්‍යයයි? ඒ කොහොමද?

ඩෙරික්- මේ රට අපරාධකාරයොන්ගේ පාරාදිසයක් බවට පත්වේගෙන එන්නේ.... ඉතිං ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්නේ කොහොමද? මහන්සිවෙලා වැඩකරන, මගේ පියා වගේ වැදගත් ඇමරිකානුවෝ මේ පරපෝෂිතයෝ අතින් විනාශ වෙනවා.

මාධ්‍යවේදියා- පරපෝෂිතයෝ??

ඩෙරික්- කල්ලෝ, දුඹුරු, කහ හම් තියෙන මොකාවුණත්...

මාධ්‍යවේදියා- මට තේරෙන්නේ නැහැ. ඔබ කියන්නේ ඔබේ පියාගේ මරණය ජනවර්ගය මුලික වුණු එකක්?

ඩෙරික්- ඔව් ඒක එහෙම තමයි. මේ රටේ තියෙන හැම ප්‍රශ්ණයක්ම ජනවර්ගය මූලික වුණු එකක්.... නිකංම අපරාධ නෙවෙයි.... ජනසංක්‍රමණය, ඒඩ්ස්, සුභසාධනය ඔය හැම එකක්ම කළු මිනිස්සුන්ගේ ප්‍රශ්ණ, ස්පාඤ්ඤ නැත්තං ආසියානු මිනිස්සුන්ගේ ඒවා. සුදු මිනිස්සුන්ගේ නෙවෙයි.

මාධ්‍යවේදියා- ඔබ කියපු ඒ ප්‍රශ්ණ බොහෝ දුරට දුප්පත්කම එක්ක බැඳුණු ‍ඒවා නෙවෙයිද?

ඩෙරික්- නෑ..... ඒවා එකක්වත් ඔවුන් කරන දේවල් හෝ ඒ පරිසරයෙන් එන දේවල් නෙවෙයි. සුළු ජනවර්ග මේ රට ගැන තකන්නේ නෑ. උන් ඒක විනාශ කරනවා, ඒවා ගොඩනගන්නේ නෑ. මිලියන ගණන් යුරෝපීය ඇමරිකානුවන් මේවා ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුවා පරම්පරා ගාණක් යනකං. මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන පිස්සුව? උන් හතරවටේ ගිහිං ගිනිනිවන භටයොන්ට වෙඩි තියෙනවා.

මාධ්‍යවේදියා- මොකද්ද මේ දේවල් එක්ක ඔබේ පියාට තියෙන සම්බන්ධය.

ඩෙරික්- මගේ තාත්තා මැරුවේ ඔහුගේ රැකියාව කරමින් ඉන්නකොට. කල්ලොන්ගේ පැත්තකට ගිනි තියලා. මගේ තාත්තා ඒක නවත්තන්න ගිහිං. ජාවාරම්කාරයෙක් තාත්තාට වෙඩි තියලා. ඌ අනිවාර්යෙන් රජයෙන් දෙන ආධාරත් ගන්න එකෙක්. එච්චරයි!!!

[-American History X චිත්‍රපටයෙන්]




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails