Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ කිමෝනාව නෙක මල් පිපුන
අම්මාගේ සුවඳ ඇත සඟවාන
ආදරය මිටින් ගෙන මදපවන
දොරකඩට ඇවිත් නැවතුනෙ කෝම

අනෝරා වැසි වැටුණු උදෑසන
ගැඹුරු නින්දක ගිලුණි බෝ හීන
දෝතින්ම වඩාගෙන දිව ගියා
සොයාගෙන අබමිටක් ළඟ පාත

වසාගෙන ඇස් පියන් අඩසඳව
පැටලුනා වදන් වැල දෙතොල'තර
ජීවිතේ අවසාන පැතුම් මල
උදුරගෙන ගියා සැඩ හිරු දෑත

තාරකා පිපෙන එක සැඳෑවක
ගොක් රැහැන් සැරසුවා කඳු මුදුන
අලුත් පස් අතර රඳවා කඳුළ
මිතුරු වග බැස ගියා අඳුරේම

ඉතින් මේ මිදෙන පාළුව අරන්
සරන්නට සවිය ඇති හදවතින්
මඟට වන් කුරුල්ලෙකු තටු අගින්
ගිලිහුනා පියාපත් එක දෙකක්

සොයාගෙන කඳු නිම්න අතරමැද
ගිලිහි ගිය කිරි කඳුළ සැඟවු තැන
රුදු කතර ගෙවාගෙන පියාඹන
වියළි ගිය මව් සෙනෙහෙ සොයාගෙන

පිපාසයි, පියාපත් වේදනයි
කඳුළකට නෙත් පියන් පත් වැසෙයි
හැමදාම අඳුරටම දුක කියයි
ඉඳහිටක බමන සිත ඉකි ගසයි

කිසිදිනක දැක නොමැති අහසකට
ඉන්ද්‍රචාපය ඇවිත් හැඩ දමයි
ඔබ එතැන සිනා පිරියම් කරයි
මව් සිනාවක් මුව මත ඇඳෙයි

වියළි ගිය තුරු හිසක මල් පිපෙයි
පිනි පොදක් පෙති මතෙහි පතිත වෙයි
වස්සාන කාලයක පෙර ලකුණු සිතින් ගෙන
තුරු මුලට මව් සෙනේ දිය ගෙනෙයි

අඳුරු නුබ තාරකාවක් දිලෙයි
පියාඹන්නට එයම මග කියයි
පියාපත් පිරිපුන්ව සවි කෙරෙයි
කිමෝනාවේ සුවඳ යළි දැනෙයි

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails