Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
යාචකයන් මග අද්දර
නොම දකින්න
මහ රෑ වුව ළඳකට මග
තනිව යන්න
තිතටම මත නොව මතටම
තිත වැටෙන්න

මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
වේල් තුනම රස භෝජන
කුස පිරෙන්න
අඳුර මකන විදුලියෙ බිල
වැඩි නොවෙන්න
වත්තෙ තියෙන ළිඳටත් බදු
නොමගෙවන්න

මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
පාසල් යන්නට කහවනු
නොම පුදන්න
සරසවියට හොර පාරෙන්
ළං නොවෙන්න
මැරවරයන් කවුන්සිලේ
නොම දකින්න

මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
උද්ඝෝෂණ ඕනෑ නැති
රටක් මෙන්න
සුදු වෑන් පසු පස එන්නේ
නැතිලු ඔන්න
මේව ලියා සිව් රියනක් යට
නොයන්න

මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
රූපවාහිනී තිරයත්
නොපෙනි යන්න
එෆ් එම් ගිරවුන්ගේ හඬ
නොම ඇසෙන්න
කඩේ නොයන කලාකරුවො
පහළ වෙන්න

මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
ගොවි කම්කරු සඟ වෙද ගුරු
පෙරට එන්න
මෙවන් විසුළු හීනත් යළි
නොම පෙනෙන්න
දියසෙන් කුමරෙක් එන තුරු
දින ගනින්න

හෙන්රි වර්ණකුලසූරිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails