Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුළඟද වෙව්ලුවන නිදිකුම්බා කුසුම
නොමවෙමි හැකිල ගුලිවන පත වෙමිය මම
දෙඅදර තෙතින් ගත සුලලිත වෙනු කෝම
මුළුගැන්වී නිදමි නැත රති සුව උරුම

නොබා පහස
මලානිකව
මලවි සිහින
සුන් වී ඇත

සිහින් සරින් සුසර කරන කෙනෙකු ඇති
ලංව හිඳුම එක්ව වෙළුම අකැප වෙති
පහස විඳින සැනින හැඟුම නිදනු ඇති
නොපිදි කුසුම තනි මංසල ඉකි බිඳිති

බුරා නැගෙන
නුරා ගින්න
නිවනු නොහැක
පැන් අකැපය

දෙතොලට දෙතොල දී මධු රස උරා බොන
දිවගින් කරන දඟයෙන් ගත පුබුදු වන
ඇරයුම් හාදු මදිරා සිත මත් කරන
හිමි නැත කවුළු ඇහිරී වත හැකිල යන

සදාකල්ම
කටුව තුළම
වැතිර නිදන
බෙල්ලෙකි මම

සිතිවිලි උකස් කර තනිකම මාරු වෙති
සිඳි රති වියරුවෙන් හැඟුමන් සින්න වෙති
ගත හිරු කැන් කුසුම පුබුදනු හිරු නොමැති
නොබිඳුණු පතිනි වෘතයක් ඇත හිමි නොමැති

[සිතුවම : Alfredas Juras]

තිළිණි ෂැල්වින්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails