Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(ඩෙංගු රෝගයෙන් වියෝ වූ නීති පීඨයේ නිසංසලා සමරසිංහ සොයුරිය වෙනුවෙනි.)

කොළොම්තොටට සැණෙකින් අකුණක් වැදුණී
දෙසුම්හල අවන්හල කඳුළක් නැගුණී
සුසුම් කුණාටුව සිව් දිග වට සැදුණී
කුසුම් කැකුළ තුරු සිරසින් බිම වැටුණී

ඉසිමින් දසත මදහස මල් මකරන්ද
සෙනෙහෙන් හද කොණෙක මිතු දම් පොදි බැන්ද
විගසින් සිතු බිතෙහි තවරා දුක් කන්ද
රහසින් මුනිවතින් නික්මෙන්නේ මන්ද

ගම්දොර සිට පැමිණ නුපුරුදු පුරවරයේ
අම්බරයේ පියා සලමින් සිත දිරියේ
ගිම් නොතකා ගයන විහඟෙකු නද සරියේ
නිම්නද දෙයි තවම නුඹෙ හඬ සරසවියේ

නියං සාය මැද දහදිය කඳුළු සලා
සයංජාත රත්හැල් කෙත වපුල දුලා
වියන් මැදින් රන් අස්වනු ඉවත හෙළා
නිසංසලේ සැතපෙනව ද නිසංසලා

ධරණී උපේකා වීරසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails