Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හුස්ම ගන්නට දඟළන කොට
කෙඳිරිය නීරස යැයි - ඝෝෂාවක් යැයි පසක් කොට
බෙල්ල ගසා දමනා උන්
මධුවිත හා රුධිරය පත් අට එකට සිඳ
පිළුණු අහරද රසමසවුළක් සේ බුදින විට
කගපත - පන්හිඳක් කළ මැනව!

දෑහෙ කඳුළු අස්සට - කඳුළු ගෑස් ඉහෙන විට
ගිනිගන්න ලෝකය මැද තනිව
ඉකිළන වේදනාව පරද්දා වැළපෙන
ඇහිපිය ගලවා - තුඩගින් දෑසම උගුල්ලන,
සුන්දර සියලු දෑ - පෝර බෑගයෙන් වසා
භීතිය අරන් - ගොරබිරම් හැන්දෑව එනකොට
කගපත - පන්හිඳක් කළ මැනව!

අලුතින් හිතන්න හදන
අලුත් පරපුරක්
නිදහස හොයන කොට
බලවන්තම උන්
උන් පාගා කිළිටි දෙපයින් - මිරිකා දමද්දි,
හිස - හරි මැදින් පලා වියරුවෙන් හිනැහෙද්දි
කගපත - පන්හිඳක් කළ මැනව!

පතුළ දිරා ගිය රබර් සෙරෙප්පු කුට්ටම
ඇදි ඇදී වීදි දිග
අත පාන අත් පා ද ගසා දමන,
දුප්පතුන්ගේ පපු කැනැත්ත ම
ජීවන බරින් තෙරපා - බරට බර කුළුගෙඩියෙන් තලන විට
කගපත - පන්හිඳක් කළ මැනව!

ආදරය යනු වත්කමක් වුව
පිරිවැයක් සේ අනෙකාට දිය යුතු
උත්තුංග දේහයක් සේ අමතක කොට
වෛරයේ ගිනිපුළිඟුලන,
එල්ලා හැළෙන ආත්මය කැටුව
අසල්වැසියා සමඟ ඔට්ටු වන විට
කගපත - පන්හිඳක් කළ මැනව!

එහෙත් මහතුනි,
ඔබේ නිහඬ වත මොර ගෑ දිනෙක
ඔබේ හදවත වෙවුළා - දෙදරා ගිය විටෙක
උන්ට එරෙහිව කුරුටු ගෑ යුතු - එ පන්හිඳ!!!
එ පන්හිඳ ම - කගපතක් කළ මැනව!

(පන්හිඳම කග පතක් කළ මැනව යනුවෙන් ලක්ෂ්මන් කහටපිටියගේ කාව්‍ය සංග‍්‍රයක් ද වෙයි.)

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails