Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත:
අගනුවර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ නිදන කාමරයට එබී බැලූ තරුණයෙකු අල්ලා පොලීසියට භාර දෙයි පසු දින පොලීසිය තුළ දී...

උඹ තමා අපි හෙව්වෙ
මෙච්චර කල් පාහරයා
බලාපං මේ නෝනා
උඹෙ අම්මගෙ වයස ඇති

ඇත්ත කියපං නැත්තං උඹ අමාරුවේ
තව ගෙවල් කීයකට එබුනද
කීයක් ගෑණුන්ගේ යට ඇඳුම් ඉස්සුවද
මේ මහත්තයා රටේ ලොකු ලොක්කෙක්

සර්, අපි සැලකුවා මූට ඊයෙ රෑ හොඳට
මුකුත් කිව්වෙනම් නෑ අඬනවා විතරයි
මං හොයා ගන්නම් මුගේ පැටිකිරිය
අද ගෙන්නන්නව උඹෙ මහ එවුන් මෙතනට

ගනිං ඔය ෆෝන් එක මෙහෙට
කුණුහරුප තියනවද බලන්නට
කොහෙන්ද උඹට මේ පර්ස් එක ඇතුලට
නෝනගේ පිංතූරයක්....?
..................

සර් මං ඇත්ත කියන්නං
මට වයස දහයෙදියි අපේ අම්මා
අපි දාල යන්නට ගියේ
අම්මගේ පුර හඳ මූණ
හැමදාම මට හීනයෙන් පේනවා

හොයාගෙන හොයාගෙන මේ කොළඹ
වීදි ගානේ අවිද ගොස් හෙම්බත්ව
ඊයෙ රෑ තමයි මං දැක්කෙ ඒ පුර හඳ
දැන් මට මොනා කෙරුවත් කමක් නෑ

මේ ඉන්නෙ ඒ අපේ අම්මා..
..................

ඔලීවියා ප්‍රීම්රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails