Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යකරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ දෙමළ බසින් රචිත 'සිංගල නාටකක් කලෛ අලුමයිගල්' නමැති කෘතිය දොරට වැඩුම ජුලි 6 වැනි සෙනසුරාදා සවස 4.30 ට කොළඹ, වැල්ලවත්තේ, රුද්‍රා මාවතේ 'ලංකා දෙමළ සංගම් ශාලාවේ' දී පැවැත්වේ.

මෙය 'ජන කරළිය' ප්‍රකාශනයක් වන අතර යාපනය විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහ ප්‍රවීණ නාට්‍යකරු පරාක්‍රම නිරිඇල්ල විසින් සම්පාදනය කරන ලද්දකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, හෙන්රි ජයසේන, ආර්. ආර්. සමරකෝන්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ගාමිණී හත්තොටුවේගම, බන්ධුල ජයවර්ධන, එස්. කරුණාරත්න, චන්ද්‍රසේන දසනායක යන 50 සහ 60 දශකවල නාට්‍ය කලාවට විශිෂ්ට මෙහෙවරක් කළ කලාකරුවන්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ විස්තර මෙම පොතට අන්තර්ගත වන අතර, සිංහල නාට්‍ය පිළිබදව දෙමළ බසින් ලියැවුණු මුල්ම කෘතියද මෙය වේ.

පොත දොරටවැඩුමට සමගාමීව 'අන්තර් සංස්කෘතික හුවමාරුව හා පෝෂණය' යන මැයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ යාපනය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කන්දයියා ශ්‍රී ගනේෂන් යන විද්වතුන්ගේ දේශන දෙකක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails