Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත: හමුදාවට බඳවාගත් සරෝජා තුරෙයිසාමි තරුණියගේ ලිංගික වධහිංසාවට ලක්වූ මළ සිරුර කිලිනොච්චිය රෝහලේදී පවුලේ ඥාතීන් විසින් හඳුනා ගනියි. (පුවතක්)

නිහඬ වෙන්නට බෑ කියූවද
නිහඬ කළ වග නුඹේ කට හඬ
සිංහ වෙස් ගත් කැනහිලුන් යයි කිය කියා
ලෙයින් හැඩවුණු පස් ගොඩැලි ළඟ
හුදකලාවේ සැලුණු කුසුමක්
බූට් සපත්තුවකින් තලා පොඩිකළා
වළදාපු කඳුළක් පුපුරලා..

දිනාගන්න‍ට ගියද නිසි තැන
දිරාපත්වූ මතක සිත්තම
සොහොන් කොත් පාමුලින් නැඟිටියි හඬ හඬා
අමෝරාගත් කැමරාව ළඟ
සැලෙන සුළඟට වැනෙන සිහ රුව
ගර්ජනා නද දේවි ජයඝොස කලතලා
බිඳුනු තල් රුක ඉකිගසන විට කැළඹිලා..

සීරුවෙන් සිටිනට දුන්නු අණ
පහසුවෙන් ඉවසිය හැකිද අද
ඝණ්ඨාර හඬ වසයි වැළපුම දෙදරලා
කෝවිලේ දෙවියන්ට
උන්නු තැන් අමතකය
වාසබිම මහතැනින් උස්සලා
කම්බි වැට කකුල් ළඟ පැළවෙලා..

අරුණැල්ල මියැදීම රාත්‍රීය බෝවුණා
කළුවරට කළුවරම මුසුවෙලා
පිංසාර නැති බිම්කඩක සංසාර යදම් තව දිගුකළා
සරෝජා සොයුරියේ
සිහිනෙකුදු තනි නොමැත
පරපුරක් වැල්ල යට සැඟවෙලා
අනෝරා වැහි ඇවිත් කිරිවැදුණු අස්වැන්න බොල් කළා

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails