Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රතු මස් ගොඩකි
ට්‍රොලියක බාවා තිබුණ
එක හුස්මට ඇදන් දිව්වා
වාට්ටුවට....
එක්ස් රේ කාමරේට
සැත්කම් මඩුවට
අතෙන්ට
මෙතෙන්ට.....

බීඩි දුං උගුරකින් සිත දොවා ගෙන
කප් කෙලක්
කැහි, හොටු, මළ, මුත්‍රා අදින්නැති
බබෙක් වගේ පේ කරලා තිබ්බා
උදෑසන වඩින විශේෂඥ ඇස් දෙකට

දෙයියන්ට
පාන තියනකොටත්
පවුලෙ එකෙක් වාගෙ
මතකයෙ ඉස්සරහින් ම උන්නා...

ජීවිතේ හිමි හෙමින්
දලු දානු දකින විට
අට පාස් මගෙ පපුවත්
ආඩම්බරේට පිම්බුණා

ඒත්
මොන බණක ද තිබුණේ
අපට අනුමෝදනා ගාථා

යන්න යන්න මා මිත
ආයුරා රෝගී සැප අරන්
හිනා තුති මල් පොකුරු
ඉස ඉස ජීවක දෙවි කැලට

කක්කුස්සි පේලිය ළඟ කාමරයට යමි
සුදුව වඩියෙන් දුක දවාලමි

-2008 ජනවාරි

[අහස හැඩි වී ඇත- 2009]

රෝහණ පොතුලියැද්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails