Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාක්ස් සිය 'ලුවී බොනපාර්ට්ගේ බෲමෙය 18 වැනිදා' කෘතිය ආරම්භ කරන්නේ ඉතිහාසයේ සිදුවීම් දෙවරක් සිදුවන බවට වූ හේගල්ගේ ප්‍රකාශය වෙනස් කරමින්, එය සිදුවන්නේ "එක් වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත්" බවට ඊට එකතු කිරීමක් කරමිනි.

එවැනි ආකාරයේ විගඩමක් මේ දිනවල අප ද දකිමින් සිටින්නෙමු.

ජගත් චමිල පසුගිය දා නිව්යෝක් සිනමා සම්මාන උළලේදී, හොඳම නළුවා සම්මානය ලබාගැනීම වැඩි මාධ්‍ය ආවරණයක් ලබා ගත්තේය. ලෝක තලයේදී මාධ්‍ය අවධානය යොමුවීමේ අනුපිළිවෙලවල් අතර පළමු දහය අතරවත් නැති නිව්යෝක් සම්මාන උළෙල ලංකාවේදී මෙතරම අවධානයට ලක්වීම පුදුමයට කාරණයක් නොවේ. මන්ද එවැනි අවම ලෙසවත් ලංකා දුපත අතික්‍රමණය කිරීමට හැකියාව ලැබුණේ ඉතා සුළු පිරිසකට පමණක් වීම නිසාවෙනි.

ඒ නිසාම ජගත් නිව්යෝක් සම්මාන සිනමා සම්මාන උළලේදී හොදම නළුවා දිනා ගැනීම අවතක්සේරු නොකරන්නෙමු. ඒසේ තිබියදී ද ඉන්පසුව මතුවී ඇති තත්ත්වයන් සංවාද ගත කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වී ඇත. මන්ද මහින්ද යුගයේ පොදු ධර්මතාවයට ජගත් චමිල යටත්වීමේ මූලික සළකුණු දැන් පෙන්වා ඇති බැවිනි.


ජගත් චමිල- සැමීගේ කතාව

කලාකරුවෙකුට නිවසක්, ඔහු ඇගයීම සදහා යම් මුල්‍යම අනුග්‍රහයක් රාජ්‍යය විසින් ලබාදුන්නාට අපගේ කිසිදු අමනාපයක් නැත. නමුත් රාජ්‍යයේ ක්‍රියාවලිය කුමන අරුතින් සිදුවන්නේ ද යන්න විචාරය බුද්ධියෙන් විමසා බැලිය යුතුය. රාජ්‍යය විසින් සිදුකරන ඕනෑම දෙයක් ප්‍රගතිශීලී ද නැද්ද යන්න තීරණය කරනු ලබන නිර්ණායකය වන්නේ රාජ්‍යයේ මහා දේශපාලන ව්‍යාපෘතියේ අරමුණ විසිනි. එම අරුතින් විමසා බැලුකළ ජගත්ට නිවසක් සහ ලක්ෂ පණහක් ලබාදීම මේ මොහොතේදී හමුදා රාජ්‍යයක් විසින් කලාකරුවෙකුට කප්පම් ලබාදීමකි.

මෙම ත්‍යාග ලබාදීමේ සැබෑ අරමුණ ජගත්ගේ සම්මානය මේ මිනීමරු රාජ්‍යයට බද්ධ කරගැනීමේ උත්සාහයකි. එය හොඳටම පැහැදිළි වන්නේ මෙම නිවස සහ මුදල් ත්‍යාගය ලබාදෙන බවට පවසා සිටියේ රාජපක්ෂ රෙජීමයේ ජාතිවාදී මුරබල්ලෙකු වන විමල් වීරවංශ විසින් වීමය.

පශ්චාත් මුල්ලිවෛයිකාල් මොහොත තුළ බොහෝ කලාකරුවන්ට සිදුවී ඇති දෙය අප අත්දකිමින් සිටිමු. එක් අතකින් මේ යුගයේ සිදුවෙමින් පවතින හොඳ දෙයනම් බොල් පිළිම කුඩුවීමයි. අනෙක් අතින් සියළු සලු ගැලවී ගොස් නිරුවත් කලාකරුවන් දකින්නට හැකිවීමයි. යුද විරෝධී සිනමාකරුවන් ලෙස නම් දරා සිටි විමුක්ති ජයසුන්දර වැනි අය ජාතිවාදී බූඩි කීර්තිසේනගේ මාතා වැනි සිනමා පටවල ඇඳුම් රහිතව රඟපානු අප දුටිමු.



එපමණක් නොව සියලු සම්මාන රැගෙන ජනාධිපතිවරයාගේ දෙපා මුල තබා නිරුවත්ව දෙකට තුනට ඇඹරෙන අතුල ලියනගේ වැනි සිනමාකරුවන් ද අපි දුටිමු. ජගත් චමිල ද ගොදුරුව ඇත්තේ එම සිය මිත්‍රයන් ගොදුරු වූ පොදු රෝගයේම දිගුවටම ය.

කෙසේ වුවද, සුපුරුදු පරිදිම මේ යුගයේ සනාතන සත්‍ය වන ලෙසටම, මහින්ද රාජපක්ෂ, හොඳම නළුවා විය.

අවසානයේ ජගත්ට ගෙයක් හිමිවිය...! ආත්මය නැතිවිය...!

[සංවාදයට විවෘතයි.]

(උපුටනය- lankanewsweb වෙබ් අඩවියෙනි. )

පසන් ජයතිලක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails