Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනුභූති ඇහිඳින හවසක
කවියකට ඉල්ලමක් පෑදෙයි හැමතැන
පදික මඟ සලපතළ මළු මත
දිළෙයි (දහවල පවා) මිණිකැට
...

සිව් බඹ විහරණයෙන් නුවර සිව්කොණකට බෙදන
සිව් කෙළැ'ති සිටුවරුන් මහමැදුරු තුළ වෙසෙන
සිව් සියක් සෙනඟ යාබද සුසානය සැතපෙන
සිව් මංසල මෙතැන ! මරණයත් සරුවටම විකිණෙන
...

සිව් පෙරනිමිති එක මිටට කැටිකළ
අඩුවක් නැතිව අනුභූති සපිරුණ
සෝපාක(ලා) වීදි මත නිදන
සිව්මංසලකි ! (හැම අතින්) සුන්දර?
...

නෑඹුල්(ම) කවි නිමිති
ඇහිඳගෙන යනු පිණිස..
හෙටත් එමි මංසලට
හවසට ..
ඒ කව,
ලියන්නෙමි
මතුවට...

දමිත් වැලිකල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails