Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගමේ පොළොං බිත්තර ඔක්කොම
වැලි යට පුපුරන්න ඉස්සර
කොළඹටම පැමිණ ඇත සුරැකිව
මනම්පිටියේ කහ ගැහුණු ලොරි මත

මව් නැතිව කිරි පිරුණු ළයැතිව
ඇවිද යති ට්‍රැෆික් ඇති කර උමතුව
පියවරුන් තලා පොඩි කළ හදැතිව
නුගේගොඩ බෝ සෙවණ යට බෝ වුණ

තරු වැටී සඳ බිඳුණු අහසින
කිරි පැණි පතා සිටිනා පිරිවර
නොදනිතිය අනවසර තුඹසින
පිටමං කරන දින දැනෙන ගොරතර

දළ බිඳී මඟට වැටි දිනයක
ඔබ සොයනුයේ ලොරි පැමිණි පාරය
ඒ මගේ ගමේ යන දවසක
මඟ දෙපස කඩු පොලු දැරූ මිනිසුන

විස පිරුණු මධු බඳුන් අතැතිව
කොටුව ළඟ රවුම් ගසනා සවසක
බලනු මැන උරෙනුර ගැටෙන දෑසක
පියාපත් සිඳී ගිය සිහිනය

ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails