Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බිලී කොකුවල අමුණලා දෙන පණුවෙකුගේ මළකුණක් දැක්කම
කලින් දැනගත් සියළු පාඩම් මතක නැතිවෙයි මසුන් රැලටම
රැවුල් දික්වුනු රතු ගුරාමින් කලත් විස්තර දැල්, උගුල්, ඇම
රොත්ත ගානෙම ඇමට අසුවෙයි කරුණු කී රතු එවුන් එක්කම

පාසි ගල්මල් ගුහා අස්සේ විමසනා ලෙස දුරට පෙනුනට
කන්න කිසිවක් තිබෙනවාදැයි පමණි බැලුවේ කුසේ ගින්නට
රවුම් කැරකී බල්ටි ගසමින් නොයෙක සංදර්ශනේ පෑවට
රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට

ප්‍රතිඥා පණු රැළක් ඇමිණූ බිලීකොකු සිය දහක් එකවර
වීසිකල බව මස් මරන්නන් මහ දියඹ වෙත අද පාන්දර
වෙරළ සරනා ඉදිඹුවෙක් විත් කලත් උන්හට කරුණු විස්තර
ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සිඳු සර

මී ගොඩයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails