Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රීදී පාටින් දිළිසෙන
සඳ එළිය අත හැර
මේ ගිහි ගෙයින් යන්නට
මට හිතක් නෑ...
ඡන්න...

රාහුලයෙක් කිසිදිනක
නොඑන බව කියා
සනුහරේ උන්ගේ
නිබ්බූත පද වලට
නොසැලී මා
සමඟ
හැමදාම සිටි...
ඇය....
මට යන්න හිතක් නෑ...
ඡන්න...

උකස් කර කණ කරද
සෘතුවෙන් සෘතුවට
මාරු කරමින් රම්‍ය මාලිග
සංසාර චාරිකාවේ
මා සමග හැමදාම සිටි
ඇය..
මට යන්න හිතක් නෑ...
ඡන්න...

යනෙන මග අතරමග
සුළු මව් වරුන් වෙන්නට
වැනූ අත් බොහෝමයි
දස දහස් පෙරනිමිති දුටුවද
හද සසල කරවන
සිහින නැගෙද්දී සිනාසුන
සිහින බිඳෙද්දී හිත හදාගත්
ඇය..
ඡන්න...
මට යන්න හිතක් නෑ...

ඡන්න...
කන්ථකව
බුකිය ඇතුලේම දමා
ඉස්තාලය වසා දමන්න
ඡන්න...

[සිතුවම : K. Prakash Raman]

ඔලීවියා ප්‍රීම්රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails