Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අප උපදින්නේ
පරපුරක්
ටයර් සැම'තම
දැවී අලුවී යන සමයක

පය තබා දනි පනි
ගහන සමය එළඹෙන්නේ
පය තිබෙන උන්ටත්
ඇවිද යනු නොහැකි යුගයක

අකුරු එකිනෙක අමුණා
බහතෝරන වයස පැමිණෙන්නේ
වචනයක් තේරීම
මාරාන්තික වන සමයක

ආදරයය දළු ලන
නව යොවන් විය පැමිණෙන්නේ
ආදරයේ අකුරුත් විකිණී
හන්දි ගානේ රස්තියාදු වන යුගයක

ඉන්පසුව එළඹෙන සමය
පැමිණෙන්නේ
අපේ උන් තවත් දහස් ගණනක්
වලපල්ලට යවා
ඉතිරි උන් ගල් ගැසුණු පසුවය

එතැන් සිට එළඹෙන යුගය

විහාර මහා දේවියේ
පෙම්වතුන් නැත
සෑම බංකුවක් මත
කපුටු වසුරු පමණක්මය
ඒත්
ඒ අවට
සිකුරිටිලා ඇත

කොළඹ කැම්පස් එක
අයිනේ මග දිගට
තාප්ප වැට කඩොලු නැත
බැරියර් මුරකාවල්ද නැත
ඒත්
ඒ හැමතැනක
සීසීටී කැමරා ඇත

බොරුල්ල හන්දියේ
ග්‍රීන් පාත් වටරවුමේ
පබ්ලික් ලයිබ්‍රරියේ
ටොරින්ටන් චතුරශ්‍රයේ
මහ සෙනගත් ඇත
ඉර අවරට යන හැම හවස
ඒත්
ඒ කිසිතැනක
අපේ උන් නැත

දැන් මේ නුවර
පෙට්ටිකඩ නැත
පාර ළග හිඳ
යාර තේ එක
දෙකට කඩා බිව්
ඇත්තටම ඒ ආදරේ නැත.

භීම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails