Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පරණ හිස් වැස්මක්ද
ඉරී ගිය සරමක්ද හැඳගෙන
පඹයෙක් සිටියි හිටගෙන
පුරන් වු කුඹුර දෙස බලාගෙන
නිකට මත අත තියාගෙන

මහත් ණය බර ගෙන
නැමුනු කල වී පෙරදාක
හඹන්නට කුරුළු රැළ
හෙළුවා අපමණක් දහදිය මහන්සිය

ඇළ පිරී ඉතිරී යන්නට
අහස දුක් ගෙන හඬන විට
ඔහු හෙලූ කඳුළු වැස්සද
වීය ඒ ජල කඳ අතර

අස්වනු නෙලා අහවරව
මඩ සෝදා ගොඩට එන විට
ඔටුන්න රැගෙන ගොස් තිබුණි
මුදලාලි මහතෙකු දිනෙක

පරණ හිස් වැස්මක්ද
ඉරී ගිය සරමක්ද හැඳගෙන
පඹයෙක් සිටියි හිටගෙන
පුරන් වු කුඹුර දෙස බලාගෙන
නිකට මත අත තියාගෙන

අඩක් හිස් කළ
පළිබෝ නැසුමකි
ඔහු ළඟ....

['ලාදළු' කාව්‍ය සංග්‍රහයෙනි.]

හසිත් ගුණසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails